gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

ප‍්‍රසිද්දියේ සමාන ගනු... නැතොත් බිලියනයක් වන්දි ගෙවනු - වටගලට එරෙහිව නාමල් නඩු යයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන්, නීතිඥ සංඛ කරුණාරත්න විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් වටගල මහතාට එරෙහිව රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා ඇත.

මෙම එන්තරවාසිය යවා ඇත්තේ 2025 සැප්තැම්බර් 10 වැනි දිනයි.

මෙම නීතිමය ක්‍රියාමාර්ග සඳහා හේතු වී ඇත්තේ 2025 සැප්තැම්බර් 6 වැනි දින හෝ ඊට ආසන්න දිනයක හෝමාගම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී සුනිල් වටගල මහතා විසින් සිදු කළ ප්‍රකාශයකි. එහිදී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැක කෙරෙන බහාලුම් දෙකක් සහ මෙරට මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, නාමල් රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කරමින් ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක් පිටුපස සිටින පුද්ගලයෙකු බවට හැඟවෙන ප්‍රකාශ සිදු කර තිබේ.

වටගල මහතා මෙම මාධ්‍ය හමුවේදී “මේ උදවිය තමයි මේ මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය පිටුපස සිටින්නේ” යනුවෙන් ප්‍රකාශ කර ඇති අතර, මෙම ප්‍රකාශය අසත්‍ය, පදනම් විරහිත සහ ද්වේශ සහගත බව නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා අවධාරණය කරයි. මෙම ප්‍රකාශය නිසා නාමල් රාජපක්ෂ මහතාගේ කීර්ති නාමයට විශාල හානියක් සිදු වී ඇති බවත්, සමාජයේ ඔහු සම්බන්ධයෙන් වැරදි මතයක් ගොඩනැගී ඇති බවත් ලිපියේ සඳහන් වේ.

2025 සැප්තැම්බර් 8 වැනි දින තංගල්ල ප්‍රදේශයේ පැවති විරෝධතාවක් සඳහා ද මෙම ප්‍රකාශය හේතු වී ඇති බව නීතිඥවරයා පෙන්වා දෙයි.

වෘත්තියෙන් නීතිඥවරයෙක් වන නාමල් රාජපක්ෂ මහතා 2010 වසරේ සිට අඛණ්ඩව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන අතර, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙසද සේවය කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා වන ඔහු, 2024 ජනාධිපතිවරණයේදී එම පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් විය.

ඔහු දේශීය හා විදේශීය වශයෙන් මහජන සේවය, දේශපාලන නායකත්වය, සහ තරුණ පරපුර බල ගැන්වීම සඳහා විශාල කීර්ති නාමයක් ගොඩනගා ගෙන ඇති බව ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

සුනිල් වටගල මහතාට දින තුනක් ඇතුළත මාධ්‍ය හමුවක් පවත්වා තම ප්‍රකාශය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටින ලෙස නීතිඥවරයා මෙම එන්තරවාසියෙන් දැනුම් දී තිබේ.

එසේ කිරීමට අපොහොසත් වුවහොත්, දින 14ක් ඇතුළත රුපියල් බිලියනයේ වන්දිය ගෙවන ලෙස ඉල්ලා සිටී.

මෙම ඉල්ලීම් ඉටු නොකළහොත් මෙම වන්දිය සමග නඩු ගාස්තු සහ අනෙකුත් වියදම්ද ඉල්ලා නඩු පවරන බවට නීතිඥ සංඛ කරුණාරත්න මහතා වැඩිදුරටත් දැනුම් දී ඇත.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka