gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

මහින්දානන්දගෙ බඩත් බැහැලා කෙට්ටුත් වෙලා! මාංචු දාගෙන උදාවි ඇවිත්! (VIDEO)

හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු අද (04) පෙරවරුවේ නඩු කටයුත්තක් වෙනුවෙන් අධිකරණය පැමිණ සිටියේ මෙලෙසයි.

UPDATE : හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, ස.තො.ස. හිටපු සභාපති - හිටපු වෙළෙඳ ඇමති නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවආරච්චි යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිබඳව වාචික දේශන ලබන මස 10 වැනිදා පැවැත්වීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා දින නියම කළා.

ඒ, මෙම නඩුව අද (04) කොළඹ ප්‍රධාන මහාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

ඒ අනුව එම නඩුවේ පළමුවන සහ දෙවන විත්තිකරුවන් වන නලින් ප්‍රනාන්දු සහ මහින්දානන්ද අලුත්ගමගේ යන අය අද දින විවෘත අධිකරණය හමුවට බන්ධනාගාර නිලධාරීන් විසින් ඉදිරිපත් කොට තිබුණා.

එහිදී එම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම්කර තිබෙන විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්දසිරි මල්ලවආරච්චි මහතා අද දින විවෘත අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට පෙන්වා දුන්නා.

ඔහු නොමැතිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 241 යටතේ නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට ඉඩදෙන ලෙස එහිදී තුන්වන විත්තිකාර නන්දසිරි මල්ලවආරච්චි මහතාගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීමක් ද කරනු ලැබුවා.

කෙසේ නමුත් ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටිය නොහැකි බවට නිසි වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර එම ඉල්ලීම කරන ලෙස ඔහුගේ නීතිඥවරුන්ට ප්‍රධාන මහවිනිසුරුවරයා අවවාද කළා.

එමෙන්ම මෙම නඩුවේ පළවෙනි විත්තිකාර නලින් ප්‍රනාන්දු මහතාව ඉදිරියේදී නඩු විභාග පැවැත්වෙන දිනවලදී පමණක් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවසර ලබාදෙන ලෙසත් සෙසු දිනවලදී ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීම අනවශ්‍ය බවට නියෝගයක් කරන ලෙසත් ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

නමුත් නඩු විධාන සංග්‍රහය අනුව සෑම විත්තිකරුවෙක්ම නඩුව කැඳවන දිනවලදී අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට තීරණය කළ විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

2015 ජනාධිපතිවරණ සමයේදී ලංකා සතොස හරහා ආනනයන කරන ලද ක්‍රීඩා උපකරණ, එනම් කැරම් බෝඩ් සහ දාම් බෝඩ් 14,000 බැගින් දේශපාලන කටයුතු සඳහා මැතිවරණ කාර්යාලවලට බෙදාහැර රජයට රුපියල් තුන්කෝටි අනූලක්ෂ හැට එක්දහස් දෙසිය අනූවයි ශත හැත්තෑ එකක (රු.39,061,290.71) පාඩුවක් කළැයි නීතිපතිවරයා විසින් පොදු දේපළ පනත යටතේ මෙම විත්තිකරුවන් තිදෙනාට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka