gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නයිවල දොස්තරගේ ගෙදර මිනිස් හිස්කබල් 4ක් දමා ගිහිං!

මිනිස් හිස්කබල් 4ක් සමග අස්ථි මිනිස් කොටස් කිහිපයක් ඊයේ (3) වේයන්ගොඩ නයිවල 4 වැනි පටුමගේ පාළු නිවෙසකට යාබද ගරාජයක් පිටුපස මල්ලක තිබී සොයා ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි.

මෙම ඉඩම වෛද්‍යවරයකුට අයත් බවත් වෛද්‍යවරයා වසර පහකට පමණ පෙර මෙම නිවෙස සහ ඉඩම මිලදී ගෙන ඇති බවත් පැවැසේ.

වෛද්‍යවරයා ඔහුට අයත් වෙනත් නිවෙසක පදිංචිව සිටින බව ද හෙළිවී ඇත.

මෙම ඉඩමෙහි නිවෙස ගරාජයට අමතරව තවත් කුඩා ගොඩනැගිල්ලක් පිහිටා තිබෙන අතර, එම කුඩා ගොඩනැගිල්ලේ කුලී පදනම මත ග්‍රාම නිලධාරීවරයා සිය කාර්යාලය පවත්වාගෙන යයි.

ග්‍රාම නිලධාරීවරයා කාර්යාලයට පැමිණි අවස්ථාවේ ගරාජය පිටුපස මෙම අස්ථි කොටස් සහිත උරය දැක පොලිසිය දැනුවත් කර ඇත.

මිනිස් හිස් කබල් සහ අස්ථි කොටස් කීපය යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් මෙම ස්ථානයට ගෙනැවිත් දමා ඇති බවටත් ඒවා තරමක් පැරණි බවත් පොලිසිය සැකකරයි.

වතුපිටිවල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්. රාජපක්ෂ සහ අත්තනගල්ල මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න යන අය ස්ථානීය පරික්ෂණය කර තිබේ.

සැකසහිත අස්ථි කොටස් වතුපිටිවල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකර ඒ සම්බන්ධ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කර ඇත.

වේයන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka