ලොව බිහිසුණුම මත්ද‍්‍රව්‍යයක් මාතරින් හමුවේ... ලංකාවේ මුල් වරටයි!
ඉතාමත් දරුණු ගණයේ මත්ද්‍රව්‍යයක් ලෙස සැලකෙන ‘මෙපඩ්‍රෝන්’ (Mephedrone) නමැති මත්ද්‍රව්‍ය වැලිගම ප්‍රදේශයේ නවාතැන්පොළකදී සොයාගෙන ඇත.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව, ‘මෙපඩ්‍රෝන්’ යනු ‘අයිස්’ ඇතුළු අනෙකුත් ප්‍රචලිත මත්ද්‍රව්‍යවලට වඩා දරුණු මත්ද්‍රව්‍යයකි.
පසුගිය 21 වන දින වැලිගම පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමක් මඟින් මෙම නවාතැන්පොළේ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය නිපදවන ස්ථානයක් වටලනු ලැබීය. එහිදී විදේශීය තරුණයෙකුද අත්අඩංගුවට ගනු ලැබූ බව පැවසේ.
එම ස්ථානයෙන් සැක සහිත ද්‍රව්‍ය සාම්පල සොයාගැනුණ අතර, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණවලින් පසුව එම ද්‍රව්‍ය ‘මෙපඩ්‍රෝන්’ බවට තහවුරු වී ඇත.
ලොව බිහිසුණුම මත්ද‍්‍රව්‍යයක් මාතරින් හමුවේ... ලංකාවේ මුල් වරටයි!
2025-09-30T12:09:00+05:30
Gossip Lanka Hot News





