අල්ලස් වශයෙන් රුපියල් කෝටි ගණනින් මුදල් ඉල්ලූ හා ලබාගත් දූෂිත නිලධාරීන් සහ දේපාලනඥයන් 20 දෙනකුගේ නම් ලැයිස්තුවක් සාක්ෂි සහිතව අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින තම පුත්‍රයා දීර්ඝ කාලයක් තිස්සේ රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටීම සම්බන්ධයෙන් නඳුන් චින්තක වික්‍රමරත්න (හරක් කටා) නමැති සැකකරුගේ පියා විසින් ජිනීවා වෙත පැමිණිල්ලක් යොමු කර ඇතැයි වාර්තා වේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මේ වන විට තංගල්ල පැරණි බන්ධනාගාරයේ පොලිස් නිලධාරීන් 87 දෙනකුගේ ආරක්ෂාව යටතේ රඳවා ගෙන සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාගේ පියා වන නෙල්සන් මර්වින් වික්‍රමරත්න විසින් අදාළ පැමිණිල්ල ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ බලහත්කාරයෙන් අතුරුදන්වීම් පිළිබඳ කමිටුව (UN Committee on Enforced Disappearances) හෙවත් ED කමිටුව) වෙත යොමු කර තිබේ.
තම පුත්‍රයා වන හරක් කටා 2023 මාර්තු 15 වැනිදා අත්අඩංගුවට ගත්දා සිට මේ දක්වා වසර 2 යි මාස 07 කාලයක් තිස්සේ, විවිධ රැඳවුම් නියෝග අවස්ථා 06 ක් යටතේ රඳවාගෙන ප්‍රශ්න කළද, ඔහුට එරෙහිව මත්ද්‍රව්‍ය, ආයුධ හෝ වෙනත් අපරාධයක් සම්බන්ධයෙන් සාක්ෂි සොයා ගනිමින් නඩු පැවරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට නොහැකි වී ඇතැයි අදාළ පැමිණිල්ල මගින් හරක් කටාගේ පියා ජිනීවා වෙත දැනුම් දී ඇත.
තම පුත්‍රයාට එරෙහිව අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවක් හෝ නොමැති බවත් කුලියට මිනීමැරුම්, කප්පම් ගැනීමේ පිළිබඳ චෝදනාවක් නොමැති බවත්, ඔහු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව හංවඩු ගැසුවද, ඔහුට එරෙහිව ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 7.32 ක් සම්බන්ධව මාතර මහාධිකරණයේ 2020 වසරේදී පැවරූ එක් නඩුවක් පමණක් බවත් හරක් කටාගේ පියා සිය පැමිණිල්ලෙන් දන්වා සිටියි.
තම පුත්‍රයා රඳවාගෙන සිටි දීර්ඝ කාලයේදී ඔහුට එල්ල කරන ලද එකම චෝදනාව වූයේ අත්අඩංගුවෙන් පැනයාමට තැත් කිරීම සම්බන්ධව පවරා තිබූ ප්‍රසිද්ධ කිරිටොපි නඩුව පමණක් බවද හරක් කටාගේ පියා දන්වා සිටියි.
තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින තම පුත්‍රයාට, කුඩා දරුවාට හෝ බිරිඳට දීර්ඝ කාලයක් තිස්සේ කතාකර නොමැති වීම හේතුවෙන් ඔහු උග්‍ර මානසික අවපීඩන තත්ත්වයට ලක්වී තංගල්ල රෝහලේ මානසික වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති බවත්, ඔහු මෙලෙස අසාධාරණ අයුරින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වසර 02 කට ආසන්න කාලයක් රඳවා ගැනීම තුළින් ජීවිතයට අනතුරක් විය හැකි බැවින් මෙම පැමිණිල්ල යොමු කරන බවද හරක්කටාගේ පියා සිය පැමිණිල්ල මගින් වැඩිදුරටත් දන්වා සිටියි.