gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නොබෙල් තෑග්ග කීවේ වැරදිලා... ගිනස් වාර්තාවක් තිවුවේ - හදුන්නෙත්තිට නිවැරදි කිරීමත් වැරදෙයි!

ජපානයේ පැවති වෙන්දේසියකදී මෙරට තේ කිලෝවක් සඳහා වාර්තාගත මුදලක් නියම කිරීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය වැරදි සහගත බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

ගිනස් වාර්තාවක් යන්න වෙනුවට තමන් විසින් අතපසුවීමකින් නොබෙල් තෑග්ග ලෙස සඳහන් වූ බවද පැවසූ ඔහු එය හිතා මතා සිදු කරන ලද්දක් නොවන බවද සඳහන් කළේය.

තම සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

එසේ නිවැරදි කිරීම සඳහා නිකුත් කරන ලද විඩියෝවේදීද සුළු වැරදීම් දෙකක් දක්නට ලැබුණු අතර ඒවා වූයේ ගිනස් වාර්තාව (Guinness record) වෙනුවට ජීන්ස් වාර්තාව යනුවෙන් අදහස් පළ කිරීම සහ නොබෙල් ත්‍යාගය යන වචනය වෙනුවට නොබෙල් වාර්තාව ලෙස අදහස් පළ කිරීමයි.

(කෙසේ වෙතත් එම වීඩියෝව උඩුගත කර විනාඩි කිහිපයකින් එයද ඉවත් කිරීමට කටයුතු කර ඇත)
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka