gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කෙහෙල්බද්දර පද්මෙලාගේ බිලියනයකට අධික දේපල තහනම් කරන්න යයි

ඉන්දුනීසියාවේ ජකර්තා නගරයේදී අත්අඩංගුවට ගත් පාතාල කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පාතාල අපරාධකාරයන් පස් දෙනාට අයත් මෙරට ඇති රුපියල් කෝටි ගණනක චංචල සහ නිශ්චල දේපොළ සියල්ල රජයට පවරා ගැනීමේ විමර්ශන නීති විරෝධි වත්කම් විමර්ශන ඒකකය මගින් ආරම්භ කර ඇත.

ඒ අනුව කෙහෙල්බද්දර පද්මේට අයත් ගම්පහ, මිනුවන්ගොඩ කෙහෙල්බද්දර ඇතුළු තවත් ප්‍රදේශ කීපයක පිහිටි රුපියල් කෝටි 75කට ආසන්න වටිනාකමෙන් යුත් දේපොළ මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

තවත් කෝටි ගණනක දේපොළ හඳුනා ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක කර තිබේ. කෙහෙල්බද්දර පද්මේ බොහෝ දේපොළ මිලදී ගෙන ඇත්තේ තම පවුලේ සාමාජිකයන්ගේ නම්වලට බව හඳුනාගෙන ඇති විමර්ශන නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ද පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

මෙසේ හඳුනාගත් දේපොළ අතර හෝටල්, නිවාස, ඉඩම්, ගොඩනැඟිලි, වාහන ඇතුළු තවත් දේපොළ රැසක් තිබෙන බව පොලිසිය පවසයි.

මේ අතර අත්අඩංගුවේ සිටින කොමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන පාතාල අපරාධකාරයන්ට අයත් සියලුම දේපොළ සොයා නීති විරෝධි වත්කම් විමර්ශන ඒකකය මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka