gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහීපාලගේ නෝනගේ හෝටලේ අහුවෙලා, වැවේම ස්විමින් පූල් ගැහූ ඥානක්කගේ හෝටලේ බේරුණාද?

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහිපාල හේරත් මහතාගේ බිරිඳ වන වන අජන්තා රෑපසාරි හේරත් මහත්මියට අයත් පෙරමියන්කුලම වැව් රක්ෂිතය ආසන්නයේ පවත්වාගෙන යන හෝටලය සහ පර්චස් හැටක භුමිභාගයක ඉදිකොට ඇති ගොඩනැගිලි මසක් තුල කඩා ඉවත් කර ගන්නා ලෙසට මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මහිපාල හේරත් මහතා සිය බලතල නිති විරෝධී ආකාරයට භාවිතා කරමින් සිය බිරිද නමින් අදාළ හෝටලය වැව් රක්ෂිතයේ ඉදිකර ඇති බවට ද චෝදනා එල්ලව තිබේ.

මේ අතර,  අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාතේ කටුකැලියාව ග්‍රාම නිලධාරි වසමේ පිහිටි මේ නේවාසික පර්චස් 20 ක ඉඩම හා පර්චස් 60ක කෘෂි ඉඩම සම්බන්ධයෙන් 2023 වසරේදී “අපි පුරවැසියෝ” නම් සංවිධානයේ කැදවුම්කරු වන ප්‍රියන්ත ප්‍රනාන්දු නැමැත්තා ද විරෝධයක් දක්වා තිබුණු බව වාර්තා වේ.

යම් කිසි පුද්ගලයකු විසින් දිර්ඝ කාලයක් තිස්සේ සංවර්ධනය කළ මෙම ඉඩම් කොටස් දෙක නිත්‍යානුකූල නොවන ආකරයට අදාළ තැනැත්තියට විකුණා ඇති එකක් බවද පැවසේ.

වැව් රක්ෂිතයේ, නිල නිවාසයක් හා ආගමික ස්ථානයකුත්  

කෙසේවුවද, මේවන විට පෙරමියන්කුලම වැවේ වැව් රක්ෂිතයේ සියලු මැනුම් කටයුතු අවසන් කොට මායිම් ගල්ද දමා අවසන් කොට ඇතැයි  මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා කියයි.

පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ රජයේ නිල නිවාස, හෝටල් හා ආගමික ස්ථානයක්ද ඉදිකොට තිබෙන බව මායිම් සලකුණු කිරිමේදි හදුනාගත් බවත් ඒවා සම්බන්ධයෙන් කමිටුවට කරුණු ඉදිරිපත් කොට පසුව තීරණයක් ගන්නා බවත් දිසානායක මහතා පැවසීය.

මේ අතර, හිටපු ආණ්ඩුකාර බිරිද විසින් මසක් තුළ මෙම අනවසර ඉදිකිරිම් ඉවත්කර නොගන්නේ නම් එම ඉදිකිරිම් රජය මගින් ඉවත්කරන බවද මධ්‍යම නුවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් සුදර්ශන දිසානායක මහතා  මධයට පවසා තිබේ.

කෙසේවුවද, අනුරාධපුර නුවර වැවේ වැව් රක්ෂිත අලුතින් සීමා කිරීම හේතුවෙන් අවට පදිංචිකරුවන් හා කර්මාන්තකරුවන් බරපතල අර්බුද රැසක පැටලී ඇති බවද පැවසේ.

මේ හේතුවෙන් එහි ගම්වැසියන් 1500කට පමණ නිවාස අහිමිවීමේ අවධානමක් ඇතැයි ද වාර්තා වේ.

අනුරාධපුර වාරි මාර්ග අධ්‍යක්ෂවරයා පවසන්නේ මේ වනවිටත් වැව් රක්ෂිත 23 ක සීමා සලකුණු කිරීමේ නව වැඩ පිළිවෙළ දියත් කර තිබෙන අතර අනුරාධපුර නුවර වැවේ සලකුණු කිරීම් වලින් පසුව විශාල පිරිසකට ඉඩම් හා ව්‍යාපාර අහිමි විය හැකි අවධානමක් පවතින බවයි.

ප්‍රදේශවාසීන් පවසන්නේ තමන් නීත්‍යානුකූල ව පදිංචි වී සිටින ඉඩම් සම්බන්ධයෙන් හදිසියේ මෙවන් පියවරක් අනුගමනය කිරීම අතිශය අසාධාරණ බවයි.

මේ අතර, ˝වැවේ ලෙවල් එක තිබුණෙ 87.4 ට නමුත් දැන් 88.5 ට සලකුණු කරල වැවේ ප්‍රමාණය වැඩි කරන්න කටයුතු කරනවා. දැන් අපි වැවට වැටෙන තැනට ම වැඩ සිද්ද වෙලයි තියෙන්නෙ.˝ යනුවෙන් ප්‍රදේශවාසීන් චෝදනා කරති.

ඥානක්කා බේරුණේ කොහොමද ?

ධූරයෙන් ඉල්ලා අස්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමගේ ජනප්‍රිය සාස්තර කාරියක්ව සිටි ඥානක්කා නැමැත්තියට අයත් බව කියන අනුරාධපුර ගුවන්තොටුපල පාරේ ලේක් මොනාක් හොටලයද පිහිටා ඇත්තේ නුවර වැව රක්ෂිතයේ වුවද එහි ඉදිකිරීම්වලට මේ මැනුමෙන් හානියක් සිදුව නැතැයි ද පැවසේ.මෙහි පිහිනුම් තටාකය, නුවර වැවේ රක්ෂිත කොටසේ ඉදිකර ඇති බවත්,  මෙම පිහිනුම් තටාකය ඉදිකර ඇත්තේ infinity pool එකක් ලෙසින් බවද කියවේ.





















එහි ඉදිකිරීම් සිදු කරනු ලැබුවේ ආරක්ෂක නිලධාරීන් යොදාගෙන බවද පැවසේ.මේ අතර, මේ හෝටලය බලා ගන්නේ ඥානක්කාගේ බෑණා වන පන්තක ප්‍රනාන්දු මහතා විසින් යැයි වන චෝදනාවට ඔහු පිළිතුරු දෙමින් ඔහු මාධ්‍යට පවසා තිබුණේ තමා එම හෝටලයට හෝ නොයන බවත්, එය අයත්ව ඇත්තේ ඥානක්කාගේ පුතා වන අනුරුද්ධ ජයසූරිය නැමැත්තාට බවයි.ඥානක්කාගේ බෑණා වන පන්තක ප්‍රනාන්දු අනුරාධපුර ක්‍රිකට් ක්‍රිඩා සමාජයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇති අතර ඔහු කළක් රංගිරි දඹුලු ක්‍රිඩාංගනය ද බාරව ද කටයුතු කර තිබේ. 
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka