2020 වසර ආර්ථික අර්බුදයේ උච්ඡතම අවස්තාවේදී විදුලි තෙල් සහ ගෑස් ඇතුළු බලශක්ති ක්ෂේත්‍රයේ හිඟයක් රට තුළ කෘතිමව නිර්මාණය කර රට අර්බුදයකට පත්කර වෙනත් අරමුණු ඉටුකරගෙන ඇතැයි කෝප් කමිටුවේදී පෙරේදා (24) අනාවරණය විය.
එම කමිටුවේ සභාපති නිෂාන්ත සමරවීර මහතා පැවසූවේ ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
පෙරේදා කෝප් කමිටුව හමුවේ විමර්ශණයට ගැනුනේ ලංකා විදුලි බල මණ්ඩලය සහ ඊට අනුබද්ධ ආයතනයි.
එහිදී අදහස් දැක්වූ සභාපතිවරයා,
“මේ ආයතනයට ලැබිය යුතු, ආයතනය තුළ රැඳිය යුතු මුදල්, ආයතනයේ ධනය බොහෝ ප්‍රමාණයක් පුද්ගලිකව පරිහරනය කරලා තියෙන්නේ. ලයිට් කැපුවා පැය දහඅට හමාරක්. උසස්පෙළ දරුවෝ විභාගේ ලියන්න පාඩම්කරන්න ලයිට් ඉල්ලුවා. දෙන්නම බෑ කිව්වා. හැබැයි ටැරිෆ් එක වැඩිකරන යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කළා ඊට පස්සේ පැය විසි හතරම ලයිට් දුන්නා. ඒක රටේ බඩු මිල වෙන තලයක සෙටප් කරන්න කරපු වැඩක්. හොරකම් කරලා රටේ රුපියල් ටික නැති වුනාට පස්සේ මිනිස්සුන්ගේ අතේ තියන සල්ලි ටික අදින ක්‍රමය විදියට තෝරගත්තේ බඩු මිල වැඩිකරන එක.
බඩු මිල 400% – 500% වැඩිකරන්න බෑ නිකන් නිවේදන දාල. බලශක්තිය හිඟ කළා. අපි ඒවා හොයනවා. ගෑස් නැතුව මිනිස්සු පෝලිම් වල රස්තියාදු කරලා කරලා ගෑස් ටිකක් ගෙනාව. ඒ ගෑස් පුපුරන්න ගත්තා. 1500ට තිබ්බ ගෑස් 7500ට විතර මිල වැඩි කළා. ඊට පස්සේ පිපිරුවේ නෑ. ක්‍රයිසිස් හැදුවා. ඒකට ඔබේ ආයතනයත් වගකියන්න ඕනෙ.”