gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දුනිත් මොහොමඩ් නබී ගේ ප්‍රහාරයට ලක්වනු බලා සිටි දුනිත්ගේ පියා හෘදයාබාධයකින් මිය යයි!

දුනිත් වෙල්ලාලගේ ගේ පියා වූ සුරංග වෙල්ලාලගේ හදිසි හෘදයාබාධයකින් මිය ගොස් තිබේ. මේ ඛේදවචාකය සිදුවී ඇත්තේ ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන අවසන් තරගය නරබමින් සිටිය දී දුනිත් මොහොමඩ් නබී ගේ බිහිසුණු ප්‍රහාරයට ලක් වනු රූපවාහිනියේ නරඹමින් සිටි අවස්ථාවේ දී ය. ශ්‍රී ලංකා පන්දු යවන්නෙක් ඉතිහාසයේ ලක් වූ ධරුණුම ප්‍රහාරයට ලක් කරමින් දුනිත් වෙල්ලාලගේ ගේ අවසන් පන්දු ඕවරයට මොහොමඩ් නබී  හයේ පහර 5ක් ඔහුට එල්ල කරනු ලැබුවේය. 

තරගය නරඹබමින් දුනිත් ප්‍රහාරයට ලක්වනු බලා සිටින අතර සිය පපුවට අත තබාගෙන වේදනාවෙන් පුටුව මතම ඇලවී ඇති සුරංග ඒ සැනින්ම රෝහල්ගත කරනු ලැබුවත් ජීවිතය බේරා ගැනීමට නොහැකි වී ඇත.

මේ ඛේදවාචකය මුළු ක්‍රිකට් ලෝකයම කම්පනයට පත් කරනු ඇත්තේ දුනිත් වෙල්ලාලගේ යනු අනාගත ලෝක ක්‍රිකට් බලාපොරොත්තුවකව සිටින බැවිනි. අනෙක් කාරණාව වන්නේ ලකුණු 170ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු 08ක් ඉතිරිව තිබිය දී තරගය කඩුළු 06කින් ජයග්‍රහණය කළ බැවිනි.

දුනිත් වෙල්ලාලගේ ගේ පියා  සුරංග වෙල්ලාලගේ යනු මීට 80 දශකයේ මැද භාගයේ දී ප්‍රින්ස් ඔෆ් වේල්ස් කණ්ඩායමේ නායකත්වය දැරූ හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු විසින් ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර පැවති තරගය අවසන් වීමෙන් අනතුරුව සිය පියා අභාවප්‍රාප්ත වී ඇති බව දුනිත් වෙල්ලාලගේට දැනුම්දී ඇත.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka