gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka

පිටකොටුව බස් නැවතුම 2009දීත් හැදුවා... TV හයිකලේ දෙරණෙ අපි - චතුර

කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අලූත් වැඩියා කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් දෙරණ නාලිකාවේ මාධ්‍යවේදී චතුර අල්විස් මහතා අදහස් පළ කරයි. ව්‍යාපෘතියේ සාර්ථකත්වය රඳා පවතින්නේ ජනතාවගේ හැසිරීම් රටාවන් වෙනස් වීම සහ නිසි නඩත්තු ක්‍රමවේදයක් මත බව ඔහු අවධාරණය කරයි.

වත්මන් අලූත් වැඩියා කටයුතු සහ කාලසීමාව සිංහල අවුරුදු දිනය වන විට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

2009 වසරේදී මෙම බස් නැවතුව අලුත්වැඩියා කල බවත් පවසන ඔහු දෙරණ නාලිකාව විසින් එහි රූපවාහිනී යන්ත්‍ර සවිකරන ලද බවත් පැවසීය.

එම කාලයේදී බස් නැවතුම්පොළේ පිරිසිදුව තිබුනද පසුව තත්වය වෙනස් වූ බවත් රූපවාහිනී යන්ත්‍ර පවා විවිධ පිරිස් විසින් ගලවාගෙන ගොස් ඇති බවත් සදහන් කලේය.

එනිසා ප‍්‍රතිසංස්කරණ සමග ප්‍රධානතම අභියෝගය ජනතාවගේ චර්යාවන් වෙනස් වීම බවත් එසේ නැතිව මෙම පහසුකම් ආරක්ෂා කර ගැනීමට අදාළ කණ්ඩායම්වලට නොහැකි වනු ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

කෙටි කාලයකට හෝ යම්කිසි ආරක්ෂක අංශයකට මෙහි වගකීමක් සහිතව සිටිය යුතු බව ඔහු අවධාරණය කරයි.

ආණ්ඩුව ආරක්ෂක අංශවල අවශ්‍යතාවය නොසලකා හරින්නේ නම්ල මෙම තත්ත්වය වෙනස් කළ නොහැකි බව ඔහුගේ අදහසයි.

දේශපාලඥයන්ට පමණක් නොව පුරවැසියන්ටද වගකීමක් ඇති බවත් පුරවැසියන්ට මේවා ආරක්ෂා කර ගැනීමට නොහැකි නම් මෙම රටවල් දියුණු කළ නොහැකි බව ඔහු කියා සිටී.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka