gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අරගල නායක ධනිෂ් අලිට ගුටි පූජාවක්!

අරගල සමයේ ක්‍රියාකාරිකයකු ලෙසින් පෙනී සිටිමින් ජාතික රූපවාහිනියට කඩා වැදී බලපෑම් කළ ඩානිස් අලී, ඔහුගේ පියා වන රොෂාන් ප්‍රමුඛ පිරිසක් විසින් කුරුණෑගල මාලිගාපිටියේදී පවත්වන්නට යෙදුණු ඇකඩමි-පාසල් පාපන්දු තරගාවලිය, සහමුලින්ම මුදල් වංචාවක් සහ අතිශය දුර්වල කළමනාකරණක් ලෙසින් සහභාගිවූවන් චෝදනා කරන අතර අවසානයේ අගතියට පත් පිරිස වෙතින් දානිස් අලී ඇතුළු සංවිධායකයන්ට ගුටි පූජාවක්ද හිමිවූ බව ද වාර්තා වේ.

ඩානිස් අලී සහ ඔහුගේ පියා සම්බන්ධ පුද්ගලික පාපන්දු ඇකඩමියක් ලෙසින් හඳුන්වාගන්නා කිහිපදෙනෙකු විසින් මෙම සත්සාමාජික තරගාවලිය සංවිධානය කළ අතර එහිදී බාලක සහ බාලිකා දෙඅංශයෙන්ම වයස අවුරුදු 10, 12, 14 සහ 16න් පහළ ලෙස වයස් කාණ්ඩ 4කින් යුතුව ලීග් ක්‍රමයට තරග පැවැත්වීමට යෙදී තිබුණි. තරගාවලියට ඇතුළත්වීම සඳහා එක් කණ්ඩායමක් විසින් රුපියල් 10,000ක ගාස්තුවක් අය කර ඇත. මෙය පෙරවරු 8.00 සිට රාත්‍රි 10.00 දක්වා තරග පැවැත්වෙන එක්දින තරගාවලියක් ලෙසින් සංවිධානය කර තිබුණි.

යාපනය ආදී දුර බැහැර ප්‍රදේශවලින් පවා මේ සඳහා කණ්ඩායම් සහභාගි වී තිබූ අතර එලෙස පැමිණි කණ්ඩායම් ගණන 140ක් පමණ වෙතැයි කියැවේ. සංවිධායකයන් කණ්ඩායම් වැඩි ගණනක් සහභාගි කරවාගැනීමේ අපේක්ෂාවෙන් පෙර පටන්ම කටයුතු කර තිබූ නමුත් පැමිණෙන කණ්ඩායම් ගණනට ගැළපෙන සේ එක් දිනක් තුළ තරග පවත්වා අවසන් කිරීමේ ක්‍රමවේදයක් සංවිධායකයන් සතුව නොතිබුණු බව පැවසේ. ඒ අනුව මෙය අවුල් ජාලාවක් බවට පත්ව ඇත. රාත්‍රි 10 තෙක් පමණක් තරග පැවැත්වෙන බව පැවසූ තරගාවලිය රාත්‍රි 12 පමණ වනතෙක් සෙසු තරග පවත්වා අවසානයේද වයස අවුරුදු 16න් පහළ තරග ආරම්භ කරගැනීමට හෝ නොහැකිව ඇත.

මෙම තත්ත්වය මත තරගාවලියට සහභාගිවීමට පැමිණි කණ්ඩයම් භාර වැඩිහිටියන් විසින් තමන් ලබාදුන් ඇතුළත්වීමේ ගාස්තුව මෙන්ම තම ගමන් වියදම්ද ආපිට ඉල්ලා ඇතැයි පැවසේ. එහිදී දානිස් ඇලී ඇතුළු පිරිස ඔවුනට තදින් ප්‍රතිචාර දක්වා ඇති අතර දෙපාර්ශ්වය අතර ගුටිබැට හුවමාරුවක් දක්වා එය වර්ධනය වී තිබේ. මෙහිදී දැඩි කෝපයට පත්ව සිටි පිරිස් විසින් දානිස් අලී ඇතුළු සංවිධායකයන් පහර පිට පහර දී ඇතැයි සැලවේ. ක්‍රීඩාංගණයේ දේපළ කිහිපයකටද මෙයින් හානි වී ඇති අතර එම සිදුවීමෙන් පසු මේ වන තුරුත් දානිස් ඇලී ඇතුළු සංවිධායකයන්ගේ දුරකථන පවා අක්‍රිය වී ඇතැයි සැලවේ.

‘‘තරගාවලියට කණ්ඩායම් කීයක් එනවද කියන එක ගැන සංවිධායකයන්ට පූර්ව අවබෝධයක් තිබෙන්න ඕනේ. කණ්ඩායම් 140ක් විතර එන තරගාවලියකදි එක තරගයකට විනාඩි 5ක් කාලය දුන්නත් එක දවසින් තරග ඉවර කරන්න පුළුවන්ද. අනික මේක ලීග් ක්‍රමයට පවත්වන තරගාවලියක්. එතකොට එක කණ්ඩායමකට තරග හතරක් පහක් කොහොමත් යෙදෙනවා. එහෙම කරලා කවදා තරග ඉවර කරන්නද. මේ අය බැලුවේ වැඩි වැඩියෙන් කණ්ඩායම් ගෙන්වාගෙන ඇතුළත් වීමේ ගාස්තුවෙන් සල්ලි හොයන්න විතරයි. මොකද කණ්ඩායම් 140ක් එනවා කියන්නේ ඇතුළත් වීමේ ගාස්තුව විතරක් රුපියල් ලක්ෂ 14ක් විතර වෙනවා. ඒත් අඩුම ගානෙ මෙවැනි තරගාවලියක් පැවැත්වෙන විට ඒ තරග පරිශ්‍රයේ තිබිය යුතු ගිලන් රථයක්වත් එහි තිබුණේ නැහැ. අනෙක මේ තරගාවලියට කාගෙන්ද අවසර ගත්තේ. වයස අවුුරුදු 12න් පහළ 10න් පහළ දරුවන්ට මේ වගේ තරගකාරී ඉසව් පවත්වන්න කොහෙද අවසර තියෙන්නේ ’’ යනුවෙන් පාපන්දු ක්ෂේත්‍රයේ නිලධාරියෙක් මේ සම්බන්ධයෙන් පවසා සිටියේය.

මෙම තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් කුරුණෑගල පාපන්දු ලීගය හෝ පොලිසිය පවා දැනුවත් කර නොතිබූ බවද පැවසේ. මේ වන විට මෙම තරගාවලිය හේතුවෙන් අගතියට පත් පාර්ශ්වයන් ඇතුළු පාර්ශ්වයන් කිහිපයක් මේ පිළිබඳ විමර්ශනයක් සිදුකර නිසි ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා මෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පැමිණිලි කොට තිබේ.

ඉන්ද්‍රජිත් සුබසිංහ
Aruna
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka