නාමල් රාජපක්ෂයට එරෙහිව නීතිඥ විජිත කුමාර විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දුන්නේය.
පෙත්සම ගොනු කර තිබුණේ නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවයේ දී භාවිතා කළ විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන දෙකක මුදලක් නිසි වෙලාවට ලංකා විදුලි බල මණ්ඩලය වෙත නොගෙවීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලමිනි.
මෙම පෙත්සම අද කැඳවූයේ අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේදීය.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලි බල මණ්ඩලය සහ තවත් පිරිසක් නම් කර තිබේ. අදාල විදුලි ගාස්තු මේ වනවිට ගෙවා අවසන් කර ඇති බව වගඋත්තරකරුවන් වෙනුවෛන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දැන්වූහ.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නිතිඥ තිස්ස වෙරගොඩ කියා සිටියේ සිදුවීමට අදාල විදුලි ගාස්තුව ගෙවා අවසන් කර ඇති බැවින් එම ක්‍රියාව තුළින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට අධිකරණයෙන් ප්‍රකාශයක් පමණක් අපේක්ෂා කරන බවය.