gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘සමලිංගික ප‍්‍රවර්ධනය වහා නවතනු..’- සිවු නිකායන්හි මහනාහිමිවරුන් ජනපතිට සැරට අමතමින් ලිපියක්..

සමාජ පිරිහීමට හේතු විය හැකි රජයේ අදූරදර්ශී ප්‍රතිපත්ති සහ සදාචාර විරෝධී සමලිංගික චර්යා ප්‍රවර්ධනයට රාජ්‍ය යාන්ත්‍රණය යොදා ගැනීම පිළිබඳව ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා අද දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් සිය විරෝධය පළ කර ඇත.

මහානායක හිමිවරුන් මෙම ලිපිය මඟින් පෙන්වා දෙන්නේ, යම් රටක සංස්කෘතික අනන්‍යතාව, ඓතිහාසික උරුමය මෙන්ම සාම්ප්‍රදායික සදාචාර සම්ප්‍රදායන් නොසලකා, හුදෙක් පටු අදහස් හෝ අන්ධානුකරණය මත පදනම්ව රාජ්‍ය පාලනය මෙහෙයවීමට උත්සාහ දැරීම රාජ්‍යය අරාජිකත්වයට සහ සමස්ත සමාජයම බිඳ වැටීමට හේතුවන බවයි.

වර්තමාන රජය ගෙන ඇති යම් යම් පියවර මගින් එවැනි සාරධර්ම අරාජිකත්වයක් හා සමාජ අර්බුද ගණනාවක් ඇති කළ හැකි බව උන්වහන්සේලා පෙන්වා දෙති.

ඊට උදාහරණ ලෙස, දණ්ඩ නීති සංග්‍රහයේ 82 වන වගන්තියට යෝජිත ශාරීරික දඬුවම් පිළිබඳ සංශෝධනයක් හඳුන්වාදීම සහ සංචාරක සංවර්ධන අධිකාරිය හරහා සමලිංගික සේවනය පදනම් කරගත් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට අනුග්‍රහය ලබාදීම යන කරුණු දක්වා තිබේ.


බෞද්ධ දාර්ශනික හර පද්ධතීන්ගේ විශිෂ්ටත්වය සහ ඒවා තිරසාර සමාජ සංවර්ධනයකට දායක වන ආකාරය පිළිබඳව නිරන්තරයෙන් අදහස් දක්වන ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කරනු ඇතැයි නායක හිමිවරු අපේක්ෂා කරති.

එමෙන්ම, මෙම සදාචාර විරෝධී ක්‍රියාවන් වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද උන්වහන්සේලා වැඩිදුරටත් ඉල්ලා සිටිති.





gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka