රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කිරීමට පැමිණි කණ්ඩායම අතර අරුණ විදානගමගේ හෙවත් මීගස්ආරේ කජ්ජා ද සිටි බවට තහවුරු වී ඇති බව පොලිසිය අනාවරණය කළේය. ඒ අද (30) පස් වරුවේ පැවති පොලිස් මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර හේරත් එම අනාවරණය සිදුකළේ මෙසේය.
“ වසීම් තාජුඩීන්ගේ වාහනය ගමන් කරන අතර එක්තරා අවස්ථාවක දී වසීම් තාජුඩීන් හැව්ලොක් ප්‍රදේශයේ තිබෙන එක්තරා සුපිරි වෙළඳ සංකීර්ණයක් අසල නවත්වලා වතුර බෝතලයක් මිලදී ගන්න ඒ සුපිරි වෙළඳසල ඇතුළට යනවා. ඒ ගිහින් ඇවිත් නැවත මෝටර් රථයේ නැගී ගමන් කරද්දී ඔහුගේ කාර් රථය පසුපසින් තවත් මෝටර් රථයක් ගමන් කරනවා පේනවා. “
“එම රථය සම්බන්ධව සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේ දී ඒ රථය අසල තවත් පුද්ගලයෙක් සිටින බව නිරීක්ෂණය වෙනවා. මේ සම්බන්ධ සීසීටීවී දර්ශන එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාධ්‍යයට නිකුත් කරනවා. මේ පුද්ගලයා හඳුනා ගන්න පුලුවන්ද කියලා මාධ්‍යයට නිවේදනයකුත් නිකුත් කළ නමුත් කිසිම කෙනෙකුට මෙම රථය අසල සිට රථයට නගින පුද්ගලයා හඳුනා ගන්න හැකියාවක් තිබුණෙ නෑ.”
“ අරුණ ශන්ත නොහොත් කජ්ජා නැමති අපරාධ කල්ලි සාමාජිකයා මේ වසරේ මුල් කාලයේ දී ඝාතනය වෙනවා. ඔහුගේ ඝාතනයට ඍජුව සම්බන්ධයක් තියනවා කියලා අනාවරණය වෙනවා බැකෝ සමන් නැමැති පුද්ගලයා.”
“ඒ අනුව කජ්ජා කියන පුද්ගලයාගේ බිරිඳත් මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ප්‍රකාශයක් ලබා දෙනවා තමන්ගේ ස්වාමිපුරුෂයාගේ ඝාතනය සඳහා ඉතාම පැහැදිලිව මේ බැකෝ සමන් නැමැති පුද්ගලයාගේ සම්බන්ධයක් තියනවා කියලා.”
“කජ්ජාගේ බිරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇවිත් ප්‍රකාශය දෙනකොට කියනවා කරනවා තමන්ගේ ස්වාමිපුරුෂයාට මරණ තර්ජන විශාල ප්‍රමාණයක් තිබුණා කියලා. “
“2023 වර්ෂයේ දී එක්තරා වැඩියූ ටියුබ් නාලිකාවකට සම්බන්ධවෙලා අරුණ ශාන්ත නොහොත් කජ්ජා සම්මුඛ සාකච්ඡාවක් පවත්වනවා. මේ සම්මුඛ සාකච්ඡාවේ දී වසීම් තාජුඩීන් නැමැත්තාගේ ඝාතනය සඳහා අදාල විශේෂිත වූ සිද්ධියක් සම්බන්ධවත් ඔහු අනාවරණය කරනවා.”
“ මේ තොරතුරු ගොනු කරන් ඉන්න අපරාධ විමර්ශකයින් වසීම් තාජුඩීන්ගේ මෝටර් රථය හඹා යන මෝටර් රථයට නගින පුද්ගලයාගේ සීසීටීවී දර්ශන මැයට පෙන්වා සිටිනවා මොහුව හඳුනා ගන්න පුලුවන් ද කියලා අහනවා. ඇය විසින් එම දර්ශන පරීක්ෂා කරලා වැඩි දුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දීලා තියනවා මේ ඉන්නෙ තමන්ගේ ස්වාමිපුරුෂයා කියලා.”
“ඒ සීසීටීවී දර්ශනවල තියනවා එක් අවස්ථාවක ඉනට අත් දෙක තබාගෙන සිටින අවස්ථාවක්. ඒ අවස්ථාවේ දී ඇය ප්‍රකාශ කරලා තියනවා මගෙ මහත්තයට කාලයක සිට කොන්දේ අමාරුවක් තියනවා. ඒ අනුව එයා බොහෝ දුරට මේ ඉරියව්වෙන් බොහෝ අවස්ථාවල ඉන්නවා කියලා.”
“එතකොට ඒ අනුව ඇයගේ ප්‍රකාශවලින් තහවුරු වෙලා තියනවා මේ සීසීටීවී දර්ශනවල හිටිය පුද්ගලයා මිදදෙනියේ කජ්ජා බවට. දැනට අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව මගින් ඒ සම්බන්ධව අනාවරණය කරගෙන තිබෙනවා. “ වැඩ බලන මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.