gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නාඋයන ඛේදවාචකයෙන් අපවත් වූ හිමිවරුන්ගේ සංඛ්‍යාව ඉහළට

නාඋයන ඛේදවාචකයෙන්, කුරුණෑගල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් ස්වාමීන් වහන්සේ නමක් අපවත් වී තිබේ. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම ස්වාමීන් වහන්සේ අද (28) උදෑසන අපවත් වූ බවයි.

ඒ, අනුව මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේදී ඩක්කුව කඩාවැටීමෙන් අපවත් වූ හිමිවරුන් සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එලෙස අපවත් වූ මෙරට ස්වාමීන් වහන්සේලා සිව්නමගේ අවසන් කටයුතු ඊයේ (27) පස්වරුවේ සිදු කෙරුණි.

එමෙන්ම එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අනෙක් ස්වාමීන් වහන්සේ නම වැඩිදුර ප්‍රතිකාර සඳහා ඊයේ (27) රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.

gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka