gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කෙහෙළියගේ පුතාගේ මාස 18ක ආදායම කෝටි 27යි

කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කරමින් මාස  18 ක කාලයකදී රුපියල් කෝටි 27කට අධික වත්කම් උපයා ගත් බවට කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද නඩු පවරන ලදී.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ වසර 1 1/2ක කාලය තුළදී උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකි රුපියල් කෝටි 27කට අධික මුදල් වියදම් කරමින් කොළඹ අගනරයේ මහල් නිවාස සංකීර්ණවලින් නිවාස මිලදී ගැනීම්, සුඛෝපභෝගී නවීන පන්නයේ මෝටර් රථ මිලදී ගැනීම්, බිරිඳගේ හා තමාගේ නම් වලින් ඇති බැංකු ගිණුම් වල ස්ථාවර තැන්පතු ආරම්භ කර ඇතැයි සඳහන් කරමින් අල්ලස් කොමිසම මෙලෙස නඩු පවරා ඇත.

උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකි වත්කම් උපයා ගත් බවට චෝදනා කරමින් මෙලෙස නඩු පවරා ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ල මහතාට එරෙහිවය.

විත්තිකාර රමිත් රඹුක්වැල්ල නමැත්තා දූෂණ විරෝධී පනත යටතේ සඳහන් වරදක් කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.

(මනෝප්‍රිය ගුණසේකර)
-lankadeepa
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka