gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රාදේශීය ලේකම් කෙහෙල් ගහට කොටයි… අනුරාධ කෝටි 100ක් ඉල්ලා නඩු යයි… ප්‍රා.ලේට නීතිපති සරණත් නෑ…!

උඩ පළාත් ප්‍රාදේශීය ලේකම්වරියට එරෙහිව රුපියල් කෝටි 100ක වන්දි ඉල්ලා නඩු පවරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න පවසයි. හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ පුතා වන අනුරාධ ජයරත්න පවසන්නේ පොදු දෙපළත් තමන් බලහත්කාරයෙන් අත්පත් කරගෙන කටයුතු කරන බවට අදාළ නිලධාරිනිය අසත්‍ය පුවතක් ප්‍රචාරය කළ බවයි.

ජාතික උරුම සංවිධානය 1999 හිටපු දිමු. ජයරත්න විසින් ආරම්භ කළ පාර්ලිමේන්තුවේ සංස්ථාපනය කළ සංවිධානයක් බව ද ඊට එකල 9 වසරේ ඉගෙන ගත් තමන්ගේ සම්බන්ධයක් නොමැති බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

ජාතික උරුම සංවිධානයේ එක සතයක් හෝ සිය පෞද්ගලික කටයුතු සඳහා භාවිත කර ඇතැයි තහවුරු කළහොත් සිය මන්ත්‍රී ධුරයෙන් ද ඉල්ලා අස්වන බව අනුරාධ ජයරත්න අවධාරණය කරයි.

නීතිපතිවරයා එම ප්‍රාදේශීය ලේකම්වරිය වෙනුවෙන් පෙනී සිටින බව මුලින් ප්‍රකාශ කළ ද දැන් එලෙස පෙනී නොසිටින බව අධිකරණයට දැනුම් දී ඇති බව ද අනුරාධ ජයරත්න ප්‍රකාශ කරයි.
-emanisa
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka