ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර සාකච්ඡාවක් ඇලස්කාවේ, ඇන්කර්ජ් නුවර පිහිටි එල්මෙන්ඩෝෆ්-රිචර්ඩ්සන් හමුදා කඳවුරේදී පැවැත්විණි.
මෙම හමුව සඳහා මූලික අරමුණ වූයේ රුසියානු-යුක්රේන යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමයි.
සාකච්ඡාව අවසන් වීමෙන් පසු මාධ්‍ය අමතමින් ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් මහතා ප්‍රකාශ කළේ, සාකච්ඡා ඵලදායී වූ නමුත් පැහැදිලි එකඟතාවකට එළඹීමට නොහැකි වූ බවයි.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, “සාකච්ඡා කළත් එකඟතාවක් ඇති කර ගැනීම සිදු වුණේ නැහැ. මීළඟට මම යුරෝපා රටවල නායකයන් සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී මහතා සමඟ සාකච්ඡා කිරීමට සූදානම්” යනුවෙනි.