gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමැති විජිතගේ හොර AI වීඩියෝවක් හැදූ සජබ සාමාජිකයෙක්ට එරෙහිව CIDයට පැමිණිල්ලක්!

අමාත්‍ය විජිත හේරත් ඉලක්ක කර ගනිමින් AI තාක්ෂණයෙන් සංස්කරණය කළ බව කියන ව්‍යාජ වීඩියෝවක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ ප්‍රමුඛ තරුණ ක්‍රියාකාරිකයකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ගොනුකර ඇත.

පැමිණිල්ලට අනුව, සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝව, ජනතා විමුක්ති පෙරමුණේ පසුබිමක අමාත්‍ය විජිත හේරත්ට සමාන රූපයක් නිරූපණය කිරීම සඳහා AI තාක්ෂනය භාවිතයෙන් ඩිජිටල් ලෙස වෙනස් කර ඇත.

එහි අන්තර්ගතය අමාත්‍යවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජනතා විමුක්ති පෙරමුණ අපකීර්තියට පත්කිරීම අරමුණු කරගෙන ඇති බව අමාත්‍ය විජිත හේරත්ගේ සම්බන්ධීකරණ ලේකම් චමින්ද ජයනාත් ප්‍රකාශ කර ඇත.

මෙම වීඩියෝව පළකිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ගිණුම් හිමියාට එරෙහිව වහාම පරීක්ෂණයක් පවත්වා නීතිමය පියවර ගන්නා ලෙස ඔහු CID යෙන් ඉල්ලා තිබේ.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka