gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක් නොවී සජිත් රනිල් බලන්න ජාතික රෝහලට යයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නීතිමය ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමින් විපක්ෂයේ සියලුම දේශපාලන පක්ෂවල නියෝජිතයින් අද (24) උදෑසන කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවට සමගි ජන බලවේග නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහභාගී වී තිබුණේ නැත.

එම අවස්ථාවට සහභාගී වීම වෙනුවට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා අද උදෑසන කොළඹ ජාතික රෝහලට ගොස් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුව  දුක් බැලීමට ගොස් ඇති ආකාරය නිවුස් ෆස්ට් වාර්තා කර තිබේ.

අද පැවති  මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, වජිර අබේවර්ධන, සාගල රත්නායක, පාඨලී චම්පික රණවක, මහාචාර්ය ජී. එල්. පීරිස්, හරින් ප්‍රනාන්දු   ඇතුළු විපක්ෂයේ තවත් බොහෝ හිටපු අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු ද එක් වී සිටියහ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහාචාර්ය ජී.එල් පීරිස්,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේසන්, එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක නීතිඥ රවුෆ් හකීම් සහ හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා සහ දයාසිරි ජයසේකර යන අය  ද මාධ්‍ය හමුවේදී අදහස් පළ කළහ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිවරිය එවනු ලැබූ විශේෂ ප්‍රකාශයක් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරල විසින් ප්‍රකාශයට පත් කළාය.

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka