gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වර්ජනය කරන්නේ රනිල් වෙනුවෙන් නෙමෙයි… බොරු ප්‍රකාශ පළ කළ කඩාකප්පල්කාරීන්ට එරෙහිව GMOA නඩු යන්න සැරසෙයි!

රනිල් වික්‍රමසිංහ බන්ධනාගාරගත කිරීමට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (25) දිනයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක ආරම්භ කරන බවට සංගමයේ ලිපි ශීර්ෂය සහ ලේකම්වරයාගේ අත්සන ව්‍යාජ ලෙස භාවිතා කරමින් සමාජ මධ්‍ය හරහා කරන ප්‍රචාරයවන ලිපිය පිළිබද සංගමය නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ප්‍රකාශ කරයි.

එම ව්‍යාජ ලිපිය දිනමිණ පුවත්පතේ ෆේස් බුක් පිටුවේ සහ සෞඛ්‍ය ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් යැයි කියා ගන්නා පුද්ගලයෙකුගේ ෆේස් බුක් ගිනුමේ පළ කර ඇති බැවින් මෙම ව්‍යාජ ලිපිය හා මෙම පුද්ගලයා අතර කිසියම් සම්බන්ධතාවයක් තිබෙන්නේ දැයි සංගමයේ සාමාජිකයින්ගේ සැකයට හේතු වී ඇතැයි  මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාමාර්ගයන් හේතුවෙන් වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය අවුල් කර තිබූ බවත්, ඇමතිවරයාගේ මැදිහත්වීමෙ මත එය නිවැරදි දිශාවකට ගත් නමුත් ඇමාත්‍යාංශයේ ඇතැමි නිලධාරින්ගේ හිතුවක්කාරී තීරණයන් හේතුවෙන් තවදුරටත් වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ලැයිස්තු ක්‍රියාත්මක නොවීමේ තත්ත්වයක් උද්ගතව ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.


අමාත්‍යාංශයේ ඇතැමි නිලධාරීන්ග් හිතුවක්කාර තීරණයන්ට එරෙහිව හෙට (25) දිනයේ දීප ව්‍යාප්තව ආරම්භ කර තිබෙන වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනයට වැරදි අර්ථකථනයක් ලබා දීමෙන් කිසියම් පිරිසක් කඩාකප්පල්කාරී ක්‍රියාවක යෙදෙමින් අසත්‍ය ප්‍රකාශ පතුරුවන බව වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි. ඒ සදහා සංගමයේ ලිපි ශීර්ෂ සහ ලේකම්වරයාගේ අත්සන අවභාවිතා කර ඇති බව ද හෙතෙම පවසයි.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka