වර්තමානයේ විදේශගතව සිටින අපරාධකරුවන් මෙහෙයවන දේශපාලකයින් මෙරට තුළ සිටින බවත් ඔවුන් රට තුළ අපරාධ රැල්ලක් ඇති බව පෙන්වා බලය ලබාගැනීමේ උත්සායක යෙදෙන ආකාරය පෙනෙන බවත් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.
ඊයේ මාධ්‍ය අමතමින් ඔහු ප්‍රකාශ කළේ මේ යටි අරමුණ හඳුනාගෙන ඇති බවත් එවැනි පුද්ගලයින් සියලු දෙනාටම එරෙහිව නීතියේ රාමුව තුළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසිය නොපැකිළෙන බවය.
වැඩබලන පොලිස්පතිවරයා මෙසේ ද කීවේය.
“පොලිසිය සම්බන්ධයෙන් මහජනතාවගේ තියන විශ්වාසය තහවුරු කිරීමේ අවශ්‍යතාවයක් තියනවා. පොලිස් නිලධාරීන් වැරදි වැඩ කරනවා නම් පොලිස් නිලධාරීන් අපරාධ සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග ගන්නේ නැතිනම් පොලිස් නිලධාරීන් අපරාධකරුවන් එක්ක සහ සම්බන්ධතා පවත්වනවා නම්, ජාවාරම්කරුවන් එක්ක සහසම්බන්ධතා පවත්වනවා නම් මහජන විශ්වාසය ගොඩනැගෙන්නේ නෑ. ”
“ පෙර වකවානුවේ සමහර අවස්ථාවල අපරාධ වාර්තා කිරීම නොකර හැරියා. දැන් අපි කිසිම අපරාධයක් පොලිසියේ වාර්තා නොකර හරින්නේ නෑ. මොකද සංවිධානාත්මක අපරාධකරුවන්ට දේශපාලන රැකවරණය ඕනෑ හැටියෙන් ලැබිලා තිබුණා. ඔවුන් කරන අපරාධ වාර්තා කරන්න දුන්නේ නෑ. පොලිසියට ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වෙන්න බැරි වුනා. නිහඬව හිටියා. “
“දැන් එහෙම තත්ත්වයක් නෑ. සංවිධානාත්මක අපරාධකරුවන් හැංගිලා ඉන්නේ. විදේශගත වෙලා ඉන්නේ. ඔවුන් මේකට යොදා ගන්නවා ලංකාවේ ඉන්න මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්. ජාවාරම් කරුවන් අතර ගැටුමක් තියනවා. කොහොම නමුත් අපරාධ ඒ ආකාරයන් සිද්ධ වෙන්න දෙන්න බෑ.”
“ අපි විශ්වාස කරනවා මේ ගැටුම්වල යටි අභිමතාර්ථ තියනවා කියලා. මොකද දේශපාලකයො යම් යම් අවස්ථාවලට මේ අපරාධකරුවන් එක්ක සම්බන්ධතා පැවැත්වුවා. ඔවුන්ව මෙහෙයවන දේශපාලකයො සමහරවිට ලංකාව තුළ ඉන්නවා. ඔවුන්ට අවශ්‍යයයි මේක රැල්ලක් විදිහට පෙන්වන්න. නමුත් එහෙම විශාල රැල්ලක් නෙමෙයි, කඩාකප්පල්කාරී ක්‍රියාවක් කරන්න ඔවුන්ගේ බලය ලබා ගන්න ඔවුන් කටයුතු කරනවා. “”
“ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න නීතියේ රාමුව තුළ අප ක්‍රියා කරමින් ඉන්නේ. “