gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු ඇමැති දෙපළකගේ ආශිර්වාදයෙන් කරගෙන ගිය – විල්පත්තුවේ ඉල්මනයිට් කැණීමේ ව්‍යාපෘතිය වලානෙන් වටලයි!

පසුගිය රජයේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනකුගේ රැකවරණය මත විල්පත්තුව අරුවක්කාලු ප්‍රදේශයේ රජයේ ඉඩමක නීතිවිරෝධි අන්දමින් පවත්වාගෙන ගිය ඉල්මනයිට් කැණීම, සේදීම සහ ගබඩා කිරීමේ මහා පරිමාණ ජාවාරමක් වැටලූ වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය, එහි තිබූ රුපියල් කෝටි 400 කට අධික දේපළ සමග එම භූමිය සිය භාරයට ගෙන ඇත.

මෙම මහා පරිමාණ නීතිවිරෝධි ජාවාරම කරගෙන යන කෝටිපති ව්‍යාපාරිකයන් දේශපාලනඥයන් ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමක් පිළිබඳව සියලු තොරතුරු වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත ලැබී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමේ විමර්ශන ආරම්භ කර තිබේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලැබුණු තොරතුරකට අනුව වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙම මහා පරිමාණ ජාවාරම පෙරේදා (09 දා) වටලනු ලැබීය.

කිසිවකුටත් ඇතුළුවීමට නොහැකි වන අන්දමින් ආරක්ෂිත වැටවල් යොදවා දැඩි ආරක්ෂාවක් යටතේ ඉකුත් 2019 වර්ෂයේ සිටම මෙම මහා පරිමාණ ජාවාරම මොවුන් විසින් සිදු කරගෙන ගොස් ඇත.

මෙම කැණීම් කරන ලද ප්‍රදේශය ප්‍රාග් ඓතිහාසික යුගයේ පුරාවස්තු රැසක් පිහිටි භූමියක් බව පුරාවිiා දෙපාර්තමේන්තුව මගින් තහවුරු කර තිබේ. එමෙන්ම මෙම ජාවාරම්කරුවන් මෙම භූමියේ ඉල්මනයිට් කැණීම් කර ඇත්තේ භූ විiා සහ පතල් කැණීමේ කාර්යාංශයෙන් බලපත්‍ර ලබානොගෙන බව පොලිසිය පවසයි.

මෙම භූමිය තුළ අක්කර 2 බැගින් වූ විශාල ජලාශ 05 ක් මොවුන් විසින් ඉදිකර තිබූ බව ද විමර්ශන නිලධාරීහු පවසති. මෙම ජාවාරම නිසා රටට ලැබිය යුතු ඇ.ඩොලර් මිලියන සියයකට අධික විදේශ විනිමයක් ලැබී නැති බව ද හෙළි කරගෙන ඇත.

හේමන්ත රන්දුණු
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka