gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලෝක උරුම නකල්ස් මැදින් කාපට් පාරක්... හෝටල් කරුවන්, RDA, මාලිමා මන්ත‍්‍රී සාකච්චා!

නකල්ස් ලෝක උරුම රක්ෂිතය මැදින් තංගප්පුව සිට අට්ටලමේට්ටුව දක්වා අධි සංවේදී පරිසර කලාපයක පිහිටි අත්හැර දමා තිබූ පාරක් යළි සංවර්ධනය කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පරිසරවේදී ජනක විතානගේ පැවැසීය.

කාලයක් තිස්සේ අතහැර දැමූ මේ මාර්ගය සංවර්ධනය කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිසි අවසරයක් ගෙන ඇති බවක් දැනගන්නට නැතැයිද ඔහු කීය.

එසේ තිබියදී පසුගිය දිනෙක මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එහි ගොස් එම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා මැනුම් කටයුතු පවා සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වූයේ යැයිද හෙහෙම පැවැසීය.

පසුගිය ආණ්ඩු කාලයන්හි පවා එම ප්‍රදේශයේ හෝටල් හිමියන් කිහිපදෙනෙක් පටු අරමුණු වෙනුවෙන් මේ මාර්ගය අනීතික අයුරින් සංවර්ධනය කර ගැනීමට උත්සාහ දැරූ බවටද ජනක විතානගේ චෝදනා කළේය.

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නකල්ස් රක්ෂිතය නම් කිරීමෙන් අනතුරුව එම මාර්ගයේ පයින් ඇවිද ගොස් එය නැරඹීම ඇතුළු සංචාරක කටයුතුවල නිරත වීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිසි අවසරය ලබාදී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.

එසේ තිබියදීත් ප්‍රදේශයේ ඇතැම් හෝටල් හිමියන්ගේ අවශ්‍යතාව මත වත්මන් ආණ්ඩුව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම යැයි පවසමින් කඳුකර වනාන්තරවලින් හෙබි මේ අධි සංවේදී පරිසර කලාපය කාපට් අතුරා සංවර්ධනය කිරීමට කටයුතු සැලසුම් කරන බවටද හෙතෙම චෝදනා කළේය.

මෙවන් අධි සංවේදී කලාපයක්, දේශපාලන හිතවතුන් මැදිහත් කර ගැනීමෙන් නිසි අධ්‍යයනයකින් හෝ තොරව සංවර්ධනය කිරීම අනුමත නොකරන බවද ඔහු කීය. මේ මාර්ගය සංවර්ධනය කීරීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන්ද ඇතුළුව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ මූලිකත්වයෙන් මේ සතියේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද ඔහු පැවැසීය.

මේ මාර්ගය සංවර්ධනය කිරීමකින් තොරව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා අවස්ථාව ඇතත් ඒ පිළිබඳව අවධානය යොමු නොකොට කිහිපදෙනකුගේ වුවමනාව නිසා යුනෙස්කෝ ලෝක උරුම රක්ෂිතයක් මැදින් පාරක් කැපීම කිසිසේත්ම අනුමත කළ හැක්කක් නොවන බවද ජනක විතානගේ අවධාරණය කළේය.

සවනි ශේශාධි
මව්බිම
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka