සබරගමු පළාත් හිටපු මහ ඇමතිවරයා වන මහීපාල හේරත් මහතාට අයත් ඉඩමක තිබී පීඩන බෝම්බයක් සොයාගෙන තිබේ.
තලේමන්නාරම නාවික හමුදා කඳවුරට යාබදව පිහිටි මෙම ඉඩමේ තිබී එකී බෝම්බය හමුවී ඇත්තේ ඉඩම එළිපෙහෙළි කරමින් සිටි අවස්ථාවකදීය.
පොලිසිය පවසන්නේ මෙම පීඩන බෝම්බය යුධ සමයේ වල දමා තිබූ එකක් වන බවයි.
පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.