ගෝල්ෆේස් අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (20) අත්අඩංගුවට ගත්තේය.
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගොනුකර තිබූ අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රය අද (20) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර හමුවේ කැඳවූ ඇවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරිය උක්ත අපේක්ෂිත ඇප අයැදුම ප්‍රතික්ෂේප කළාය.
දේශබන්දු තෙන්නකෝන් මිරිහානේ පිහිටි ඔහුගේ නිවසේ දී අත් අඩංගුවට ගනු ලබනනේ ඉන් අනතුරුවය.
2022 වසරේ මැයි මස 9 වනදා ගාලු මුවදොර අරගල භූමියට පිරිසක් කඩා වැදී ඇති වූ ගැටුමත් සමගම රට පුරා විශාල කැළඹීමක් ඇති විය. එම අවස්ථාවේදී බස්නාහිර පළාත් භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දේශබන්දු තෙන්නකෝන්ය. ඔහු එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධව මෙම විමර්ශන පවත්වනු ලබන්නේය.
-lankasara