ඊයේ (25) උදෑසන සිට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ සුව දුක් බැලීමට කොළඹ ජාතික රෝහලට පැමිණි සමගි ජන බලවේග මන්ත්‍රීවරුන්ගෙන් ඔහුව බැලීමට අවස්ථාව ලැබී ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පමණක් බවත් අනෙක් සිකිම කෙනෙකුට ඔහු සිටින දැඩි සත්කාර ඒකකයේ කාමරයේ දොර අසලින් හැරී එන්නට සිදු වූ බවත් ජාතික රෝහල් ආරංචි මාර්ග පවසයි.
විශේෂ රෝගී තත්ත්වයක් නොවන සංකූල තත්ත්වයක් පිළිබඳව ඇති අවදානමක් හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා රඳවා ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ස්නායු දැඩි සත්කාර ඒකකයේ ය.
මෙම ඒකකය බෝවන රෝගයකින් පෙළෙන අසාධ්‍ය රෝගීන් වෙත ප්‍රතිකාර ලබා දීම සඳහා සකස් කර ඇති විශේෂ ආවර්ණිත කුටියක රඳවා ඔහුට ප්‍රතිකාර කිරීමට කටයුතු සලස්වා ඇතැයි එම ඒකකයේ වෛද්‍ය ආරංචි මාර්ග හෙළි කළේය.
මේ වනවිට රනිල් වික්‍රමසිංහ හමුවී සාකච්ඡා කළ හැක්කේ ඔහුගේ පවුලේ අයට සහ පවුලේ අයගෙන් අවසරය ලබා දෙන පිරිසට පමණක් බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කීවේය.
මේ තත්ත්වය තුල අද රනිල් වික්‍රමසිංහ බැලීමට ගිය රවි කරුණානායක, කාවින්ද ජයවර්ධන, ගයන්ත කරුණාතිලක, නලීන් බණ්ඩාර, චමින්ද විජේසිරි ඇතුලු කිසිවෙකුට හිටපු ජනාධිපතිවරයා හමුවිමට පවුලේ අයගෙන් අවසරය ලැබී නැත.
ඔවුන්ට දොරටුව අසලින් හැරී එන්නට සිදුවිය. කෙසේ වෙතත් දැඩි සත්කාර ඒකකයේ රඳවා සිටින රෝගියෙක් බැලීමට මේ ආකාරයෙන් හෝ පිරිස් පැමිණිම හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වයට පමණක් නොව, මුලු ඒකකයේම රෝගීන්ගේ ජීවිතවලට බරපතල තර්ජනයක් බව ද ජාතික රෝහලේ ආරංචි මාර්ග පැවසුවේය.
ලංකාසර