gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විපක්ෂයම අද අධිකරණයට ; පොලිස්පති දිලීපටත් ප්‍රභූ ආරක්ෂක බල ඇනියක් ලබාදෙයි!

දැනට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (26) පස්වරු 1.00 ට කැඳවීමට නියමිතය.

හිටපු ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ වන මෛත්‍රි වික්‍රමසිංහ, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇතුළු දස දෙනකුගෙන් යුත් කණ්ඩායමක් එංගලන්තයේ ලන්ඩන් නුවර දින 02 ක් පෞද්ගලික සංචාරයක නිරත වී රුපියල් ලක්ෂ 166 කට අධික රාජ්‍ය මුදල් අයථා ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය මගින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබෙන නඩුව එලෙස කැඳවීමට නියමිතය.


මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. සේනාරත්න, මූල්‍ය විමර්ශන අංශ 03 හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද හේරත් ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් කළ විමර්ශනයේ ප්‍රගතිය ඇතුළත් වාර්තාවක්ද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් මෙම මස 22 වැනිදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට පෙර ඔහුගෙන් ප්‍රශ්න කර සටහන් කරගනු ලැබූ ප්‍රකාශයෙහි සාරංශගත කරුණු ද අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට නියමිත අතර, සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් 300 කින් පමණ සමන්විත නීතිඥ මණ්ඩලයක් පෙනී සිටීමට නියමිතය. 


විපක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට පැමිණෙන ලෙස දැනුම් දෙනු ලැබ ඇත. 

ඒ දැනුම්දීම කර ඇත්තේ විපක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයන්ගේ සහභාගිත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුවය.

එමෙන්ම විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල සියලුම නීතිඥ කණ්ඩායම්වලට ද නඩුව සඳහා සහභාගි වන ලෙස දැනුම් දී ඇති අතර බස්නාහිර පළාත නියෝජනය කරන විපක්ෂයේ ආසන සංවිධායකවරුන්ද හැකිනම් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද දින පැමිණෙන ලෙස දැනුම් දී තිබේ. 

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය සහ ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් පොලිසිය විසින් අද ක්‍රියාත්මක කර තිබේ.


මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා අද (26) දිනයේදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට පොලිස්පතිවරයා විසින් උපදෙස් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් සඳහන් කළේය.

දිලීපට ඩුබායි පාතාලයෙන් තර්ජනයක්!

මේ අතර, ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් විසින් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දිලීප පීරීස් මහතාගේ ජීවීතයට හානියක් කිරීමට සැළසුම් සකස් කරන බවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඔහුගේ ජීවීත ආරක්‍ෂාව සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන ඇතැයි වාර්තාවේ.

මෙම ඝාතන සැළසුම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතාගේ නියෝග මත මෙම පියවර ගෙන ඇතැයි වාර්තාවේ. 


දිලීප පීරීස් මහතාගේ නිවසට මෙන්ම ඔහු ගමන් බිමන් යන අවස්ථාවලදී ආරක්‍ෂාව සඳහා මෙම විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙන ඇතැයිද වාර්තාවේ.

ආන්දෝලනාත්මක නඩු ගණනාවක පැමිණීල්ල නීතීපතිවරයා නියෝජනය කරමින් මෙහෙයවනු ලැබු නීතීපති දෙපාර්තමෙන්තුවේ ජේ්‍යෂ්ඨතම නීතීඥවරුන්ගෙන් කෙනෙකු වන අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දිලීප පීරීස් මහතාට හානි කිරීම සඳහා ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් විසින් සැළසුම් සකස් කරන බවට පසුගිය සෙනසුරාදා (23) රාත්‍රීයේ පොලිස්පති බුද්ධි තොරතුරු ලැබී ඇතැයිද පැවසේ.

ඒ අනුව දිලීප පීරීස් මහතාගේ ජීවීත ආරක්‍ෂාව සඳහා පොලිස් විශේෂ කාර්්‍ය බළකායේ ප්‍රභූ ආරක්‍ෂාව පිළිබඳ විශේෂ පුහුණුව ලැබු පොලිස් කණ්ඩායමක් ඊයේ  (24) දිනයේ සිටම යෙදවීමට පියවර ගෙන ඇතැයිද වාර්තාවේ.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka