හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව විභාගයට ගැනීමට නියමිතව තිබියදී,ඔහුගේ ආධාරකරැවන් පිරිස් කොළඹ ස්ථාන කිහිපයකට රැස්වී සිටිති.
මෙම පිරිස් කොළඹ ජාතික රෝහල අසල, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසල සහ ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැස්ව සිටියි.
විපක්ෂය විසින් හිටපු ජනාධිපතිවරයාට සහය පළ කිරීම සඳහා අද දින කොළඹට රැස්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණි.
කොළඹ ජාතික රෝහල කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සහ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන තර කර ඇත.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 22 වැනිදා අත්අඩංගුවට පත් වූයේ, ජනපති ලෙස කටයුතු කළ සමයේ නිව්යෝර්ක් හි නිල සංචාරයකින් ආපසු එන අතරතුර, ලන්ඩනයේදී තම බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා රාජ්‍ය මුදල් වියදම් කිරීමේ චෝදනාව මතයි. මේ සිදුවීමෙන් පසු ඔහු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.
අත්අඩංගුවට ගත් දිනම ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර, වෛද්‍යවරුන්ගේ උපදෙස් මත පසුදින ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කරනු ලැබීය.
දැනට හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටී.