රජය විසින් ගොවීන්ගෙන් මිලදී ගන්නා ලද වී තොග සහල් බවට පත්කර සතොස අලෙවි සැල් හරහා ජනතාවට අලෙවි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
ඒ අනුව රට පුරා පිහිටි සතොසා අලෙවි සැල් හරහා ‘ජාතික සතොස’ ලෙස සන්නාමගත කරන ලද එම සහල් මිලදී ගැනීමට පාරිභෝගිකයනට අවස්ථාව සලසා ඇත.
කෙසේ නමුත් රජය මිලදී ගන්නා ලද වී තොග සහල් බවට පත් කිරීම සඳහා අවශ්‍ය ඇඹරුම් යන්ත්‍ර රජය සතුව නොමැති වීම මත ඒවා ඇඹරීමේ කාර්යය පෞද්ගලික අංශයට මුදල් ගෙවා සිදු කර ගනිමින් ඇත.
ඒ අනුව පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ සහල් මෝල් හිමියෙකු විසින් මෙම වී තොග සහල් බවට පත්කර ඇසුරුම් කර රජයට භාර දෙමින් ඇත.
මෙවර කන්නනයේදී වී අලෙවි මණ්ඩලය විසින් මේ දක්වා වී මෙට‍්‍රික් ටොන් විසිදහසක් පමණ මිලට ගෙන ඇති අතර රජය වී මිලදී ගැනීමට වෙන් කර ඇති මුදල බිලියන දහයකි.
මෙවර කන්නයේදී අපේක්‍ෂිත වී අස්වැන්න මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 25ක් පමණ වෙයි.
මෙරට දෛනික සහල් පරිභෝජනයට වී මෙට‍්‍රික් ටොන් දස දහසක් පමණ අවශ්‍යය.