gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුභාෂ්කරන්ගේ ‘සිත’ නවතියි?; හැමතැනම සොයන ධාරක හා දිමුත් කවුද?

විෂ් බ්‍රෝඩ්කාස්ටින් සමාගමට රුපියල් මිලියන 80ක බදු මුදලක් ගෙවන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් දන්වා ඇතැයි වාර්තා වේ.

විෂ් බ්‍රෝඩ්කාසිටින් හට පසුගියදා වසා දැමුණු මොනරා TV, සිත FM, රෙඩ් FM, ටැමිල් FM හා CRI යන සේවාවන්ට අදාළ සංඛ්‍යාත අයත් බව පැවසේ.

කෙසේවුවද, මේවන විට විෂ් බ්‍රෝඩ්කාස්ටින් සමාගම අයත්ව ඇත්තේ සුභාෂ්කරන් අලිරාජාට බව වාර්තා වන අතර ඔහු විසින් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ටිකෙන් ටික අත්හරිමින් සිටින බැවින් අදාළ මාධ්‍ය ආයතන මෙන්ම ඔහුට අයත් ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවද අර්බුද රැසක් මැද පවතින බව වාර්තා වේ.

මේ තත්ත්වයන් හේතුවෙන් හිටපු සැලැසිනේ සභාපති හා ප්‍රවීන අධ්‍යක්ෂවරයකු වන ශාන්ත බණ්ඩාර මහතා ද සිත වැසී යනු ඇති බවට ඉඟියක් සිය ෆේස්බුක් පිටුවේ පලකර තිබිණි.

අදාළ සටහන පහත දැක්වේ.




මේ අතර, ටැමිල් FM  නාලිකාවේ ප්‍රධාන චරිතයක් වූ හෝෂියා අනෝජන්ද සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් එම ආයතනයෙන් ඉවත්ව තිබිණි.

අදාළ සටහන පහත දැක්වේ.  




එසේම, අල්ලස දූෂණය නාස්තියට එරෙහිව පුරවැසි බලයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා අල්ලස් දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් සිදුකර ඇති අතර අදාල පැමිණිල්ලේ විමර්ශනවලදී ධාරක හා දිමුත් නැමැති පුද්ගලයින් දෙදෙනෙකු සොයමින් සිටින බව පැවසේ.

මේ අතර, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා ලයිකා මොබයිල් හිමිකරු සුභාෂ්කරන් අලි රාජා මහතා අතර මීට වසර 2කට ඉහතදී ලන්ඩනයේ හිල්ටන් හෝටලයේදී සිදුව ඇති හමුවක් සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු සොයමින් සිටන බව වාර්තා වේ.

එම හමුවට ලයිකා මොබයිල් හි හිමිකරුගේ බිරිඳ මෙන්ම එම සමාගමේ උප සභාපති ප්‍රේම් සිවසාමි මහතා ද එක්ව සිටි බව පැවසේ.


gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka