පොදු ජනතාවගේ ඉඩම් ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසීය.
ඇමතිවරුන් වැරදි කරන බවත්, ඉඩම් අල්ල ගන්නා බවත්, මහජන දේපළ කොල්ල කන බවත්, ඔවුන්ට නීතිය ක්‍රියාත්මක නොවන බවට මතයක් මහජනතාව අතර පවතින බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.
නීතිවිරෝධී ව මහජන දේපළ සහ ඉඩම් කොල්ල කෑ පිරිසට එරෙහිව පළමු වරට නීතිය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
මහජනයාගේ ධනය කොල්ල කෑ, ජනතාව පීඩාවට පත් කළ දේශපාලඥයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙද්දී ඔවුන් සියලු දෙනා එකට එකතු වෙමින් සිංහල , දෙමළ , මුස්ලිම් භේදයකින් තොරව පොදු ජනතාවගේ ආණ්ඩුව පෙරළා දැමීමට කුමන්ත්‍රණ කරන බව කියනවා. නමුත් ඔවුන්ට ඒක කරන්නට නොහැකියි. පොදු ජනතාව ඉන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ආණ්ඩුව සමග යි.