හිටපු අමාත්‍ය දයා ගමගේට අයත් බව කියන භාරගම පොලිස් වසමේ මාලිගාතැන්න ගුරුදෙණිය ප්‍රදේශයේ ඉඩමක් මූල්‍ය ආයතනයක් විසින් වෙන්දේසි කිරීමට යාමේදී ඊට බාධා කරමින් බලපෑම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ මූල්‍ය ආයතනයේ ජේෂ්ඨ කළමනාකරුවෙකු විසින් තලාතුඔය පොලිසියට පැමිණිල්ලක් සිදුකොට තිබේ.
එසේම දයා ගමගේ මහතාද මෙම වෙන්දේසි කිරීම නීති විරෝධී බව කියමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
දයා ගමගේ මහතාට අයත් බව කියන අක්කර 19යි රූඩ් 01 පර්චස් 34 ක ඉඩම අදාළ මූල්‍ය ආයතනයට උකස් කොට ණයක් ලබාගෙන ඇති අතර එය ගෙවීම පැහැර හැරීම හේතුවෙන් අදාළ ඉඩම ඊයේ (1) පෙරවරුවේ එම මූල්‍ය ආයතනය විසින් ඉඩම වෙන්දේසි කිරීමට සැරසීමේදී වෙන්දේසි කිරීම නීති විරෝධී බව පවසමින් ඊට බාධා කළ බවට අදාළ කළමනාකාරවරයා විසින් තලාතුඔය පොලිසියට පැමිණිලි සිදුකොට තිබේ.