එක් එක් සමාගම් විසින් ලබාදෙන් මුදල් කුට්ටිවලට වාල්වී PR (මහජන සම්බන්ධතා) ඒජන්සි විසින් මාධ්‍යවේදීන් ගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට අභියෝග කිරීම පිළිකුල් සහගතව හෙළා දකින බව වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු ෆ්‍රෙඩී ගමගේ මහතා කියා සිටී.
ඔහු මේ අදහස් දක්වනු ලැබුවේ ජෝන් කීල්ස් ආයතනය විසින් “City of Dreams Sri Lanka” ආරම්භයට Adfactors PR නම් PR ඒජන්සිය යොදාගමින් මාධ්‍යවේදීන්ට මුඛවාඩම් දමා පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවට විරෝධය දක්වමිණි.
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ලංකාවේ ලොකුම කැසිනොව කරන්න ආපු ආයෝජකයා වූ මෙල්කෝ පීබීඑල් එන්ටර්ටේන්මන්ට් (මැකාවු) ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී ලෝරන්ස් හෝ මහතාගෙන් සජීව ප්‍රශ්න ඇසීමට මාධ්‍යවේදීන්ට තිබූ අවස්ථාව හා අයිතිය ඇඩ්ෆැක්ටර්ස් පීආර් (Adfactors PR Lanka Pvt Ltd) විසින් කොල්ල කෑ බවයි.
එසේම, ලෝරන්ස් හෝ මහතා පාළු ගෙයි වළං බිඳිමින් ලංකාව ඉන්දියාවට ළඟ නිසා “ශ්‍රී ලංකාවට ඉන්දියාවේ මැකාවු විය හැකියි” යැයි (Sri Lanka can be India’s Macau) පවසා ඇති බව ගල්ෆ් නිවුස් (Gulf News) වාර්තාකර තිබූ බවත්, එය ඉතා භයානක ප්‍රකාශයක් යැයිද ඔහු කීය.
නොදන්නා අයට “මැකාවු” යන්න කුමක්දැයි ගූගල් කර සොයාගන්නා ලෙසද ඔහු කියා සිටියේය.
දැන්වීම් ලබාදෙන නිසා ම ජෝන් කීල්ස් ආයතනයත්, තමුන්ට ඕනෑම දෙයක් මාධ්‍ය හරහා කළ හැකි යැයි සිතන්නේ නම් එය වහාම සිතින් අයින් කරගන්නා ලෙසත්, අවශ්‍යවුවහොත් ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂාකර ගැනීමට සමාගම් මාෆියාවට එරෙහිව හඬ නැගීමට සියලු පියවර ගන්නා බවද අවධාරණය කළේය.
එසේම, මහජන සම්බන්ධතා කර්මාන්තය වෙනුවෙන් ආරම්භ කළ පළමු ලියාපදිංචි සහ නිල වශයෙන් පිළිගත් නියෝජිත ආයතනය යැයි පාරම්බාන “Public Relations Association of Sri Lanka (PRASL)” සිය සාමාජිකයකු වන ඇඩ්ෆැක්ටර්ස් පීආර් (Adfactors PR Lanka Pvt Ltd) විසින් මාධ්‍ය නිදහස කොල්ලකෑම සම්බන්ධයෙන් අවදානය යොමුකළ යුතු බවත්, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් කරුණු විමසීමටත්, ඔවුන්ගේ ආචාර ධර්ම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටත් කටයුතු කරන බවද ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
එසේම, ඉන්දියාවේ පිහිටි ඇඩ්ෆැක්ටර්ස් පීආර් (Adfactors PR Lanka Pvt Ltd) හි මවු සමාගමට ද මෙය දැනුවත් කරන බවද කියා සිටියේය.
ඉන්දියාවේ හින්දු ආගමට ගරුකරමින් ඉතා කීර්තිමත් සමාගමක් ලෙස හැසිරෙන ඇඩ්ෆැක්ටර්ස් පීආර් (Adfactors PR Lanka Pvt Ltd) ළංකාව තුළ අමු මස් වෙළෙන්දන් ලෙස හැසිරීම කනගාටු දායක බවද ගමගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර, ඇඩ්ෆැක්ටර්ස් පීආර් (Adfactors PR Lanka Pvt Ltd) හා ජෝන් කීල්ස් ආරාධනයෙන් බොලිවුඩ් නළු රිතික් රෝෂන්ගේ පැමිණීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ද නිසි සැලැකිල්ලක් නොලැබුණු බවට ෆේස්බුක් සටහන් ඇතැයිද ඔවුන් එසේ හැසිරී ඇත්නම් ලංකාවේ ප්‍රධාන ආයතනක් ලෙස ජෝන් කීල්ස් ගැන ලැජ්ජා වන බවද වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු පැවසීය.
මාධ්‍යවේදී තිළිණ අලහකෝන් “City of Dreams Sri Lanka” ආරම්භයේදී වූ අලකලංචියක් ගැන සිය ෆේස්බුක් පිටුවේ වාර්තා කර තිබිණි.