සිය ගණුදෙනුකාර සමාගමක් රුපියල් මිලියන 148ක ණය මුදලක් ලබාගත් ආකාරයට ණය මුදලක් අනුමතකර එම මුදල වංචාකළ මෙරට වාණීජ බැංකුවක පාරිභෝගික සබදතා කළමනාකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වංචාව සිදුකර ඇත්තේ අදාල බැංකුවේ ගිණුමක් ඇති මෙරට ප්‍රසිද්ධ මාගමක් විසින් ණය මුදලක් ලබාගත් ආකාරයට බව අනාවරණය වී තිබේ.
එම ණය මුදල අදාල සමාගමේ ගිණුමට බැරකිරීමෙන් අනතුරුව එම ගිණුමෙන් ඉවත්කර වෙනත් ගිණුමකට බැරකර ඇති බව ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් හෙළිවී තිබේ.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිකර ඇත්තේ අදාල සමාගම විසිනි.
එම සමාගම විසින් ලබානොගත් ණය මුදලක් ගිණුම් ප්‍රකාශය තුළින් පෙන්නුම් කිරීම හේතුවෙන් ඒ ගැන අවධානය යොමුකර මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.
විමර්ශනයේදී අනාවරණය වන්නේ පාරිභෝගික සබඳතා කළමනාකරු විසින් ව්‍යාජ ලේඛන සකස්කර අදාල සමාගම විසින් ඉල්ලුම්කරන ආකාරයට ණය මුදල ලබාගෙන ඇති බවයි.
මෙසේ වංචා සහගතව ලබාගෙන ඇති මුදල රුපියල් 148,842,839.56කි.
අදාල ටයිල් සමාගම විසින් කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භකරමින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 01 වෙනිදාය.
අත්අඩංගුවට ගත් බැංකුවේ පාරිභෝගික සම්බන්ධතා කළමණාකරු රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි වියේ පසුවන්නෙක්.
බැංකුව තුළ මෙවැනි ආකාරයේ තවත් වංචා සිදුව තිබේදැයි සොයා බැංකුව විසින් අභ්‍යන්තර විගණනයක් ආරම්භකර කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.