gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දෙපැත්තේ සිට කෙළවූ යුවල කෙළවෙන්න යද්දී එක පැත්තේ!

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීම ජාතික ජන බලවේගය විසින් බලයට පැමිණීමට පෙර ලබාදුන් ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූ අතර, ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව මෙම වරප්‍රසාද වෙනස් කළ හැකි බවට එම චිත්‍රසිරි කමිටුව විසින් නිර්දේශ කර තිබිණි.

ඒ අනුව ජනපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය විසින් මෙරට හිටපු ජනාධිපතිවරුන් විසින් භුක්ති විඳිනා වරදාන වරප්‍රසාද අහෝසි කිරීම සඳහා පසුගිය සතියේ ගැසට් කළ පනත් කෙටුම්පතට පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා, හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන යුවල කොළඹදී හමුව ඇතයි වාර්තා වෙයි.

එම පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිමය පියවර ගැනීමේ හැකියාව පිළිබඳ හිටපු ජනාදිපතිවරුන් සහ ඔවුන්ගේ නීති උපදේශකයින් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කල බව පැවසෙයි.

වරක් එකම ආන්ඩුවේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ලෙස එකිනෙකාගේ මතවාදයන්ට එරෙහිව අත්තනෝමතිකව කටයුතු කරමින් රටට ඉතා අහිතකර ප්‍රතිඵල උදා කරදී ජනවරම දූෂණය කළ නායකයින් දෙදෙනෙකු ලෙස සමාජයේ අපකීර්තියට පත්ව සිටිනා වන රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන තම පුද්ගලික වරප්‍රසාද උල්ලංගනය වීම හමුවේ මෙලෙස එක්ව කටයුතු කිරීම සමාජය තුළ සුවිශේෂී කතා බහක් ඇතිකර තිබේ.

කෙසේවෙතත් මෙම පනත වත්මන් ස්වරූපයෙන් සම්මත වුවහොත්, මෙරට හිටපු රාජ්‍ය නායකයින් පස්දෙනාටම නිල නිවාස, ලේකම් දීමනා, නිල ප්‍රවාහන පහසුකම් ඇතුළු මහජන මුදලින් ලබාදෙන සියලු වරප්‍රසාද අහිමිවන අතර ඔවුන්ට ඉතිරිවන්නේ රුපියල් 97,500ක මාසික විශ්‍රාම වැටුප පමණි.

එමෙන්ම, හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ගෙවනු ලබන විශ්‍රාම වැටුපද මෙමගින් අහෝසි කෙරේ.

ශ්‍රේෂ්ඨාධිකරණ අභියෝගය ගොනු කිරීමට පෙර, හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා නියෝජනය කරන නීති කණ්ඩායම්, ඉන්දියාව, පකිස්ථානය, මාලදිවයින, භූතානය සහ නේපාලය වැනි කලාපයේ අනෙකුත් රටවල හිටපු රාජ්‍ය නායකයන්ට ලබාදෙන වරප්‍රසාද පිළිබඳව දත්ත විශ්ලේෂණය කරමින් සිටී.

අසල්වැසි ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරුන්ට සහ අගමැතිවරුන්ට විශ්‍රාම වැටුපක්, නිල නිවසක්, විශේෂ ආරක්ෂක කණ්ඩායමක (SPG) ආරක්ෂාව සහ වෙනත් වරප්‍රසාද හිමිවන බව මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්වී තිබේ.

-රංග දිසානායක-
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka