gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොළඹ DIG උදිත් ලියනගේ අත්අඩංගුවට.. බිරිද සමග නිධන් කඩලා…

අනුරාධපුරයේ සිදුවූ නිදන් හෑරීමක සිද්ධියකට අදාළව සිදුකළ විමර්ශනයකින් අනතුරුව, කොළඹ නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුවන්නේ, නිධානයක් හෑරීමේ චෝදනාව මත ඔහුගේ බිරිඳ ඇතුළු අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මීට පෙර අනුරාධපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සිද්ධියක් මුල් කරගෙනය.

සිද්ධියට අදාළව වාර්තා වන කරුණක් නම්, මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය බිරිඳව බේරාගැනීමේ අරමුණින් අනුරාධපුරයේ පොලිස් ප්‍රධානීන් වෙත බලපෑම් කිරීමට පවා කටයුතු කර ඇති බවයි.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නියෝගය මත CID යට පැවරුණු මෙම පරීක්ෂණයෙන් ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇත.

CID විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ, තම බිරිඳ ඇතුළු පිරිස නිදන් හෑරීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති සැමියා කල්තියා දැනුවත්ව සිටි බවයි. තවද, මෙම සිදුවීම සිදුවන අවස්ථාවේදී ඔහු අනුරාධපුරයේ රැඳී සිටි බවටද සාක්ෂි ලැබී තිබේ.

CID යට අනුව, මෙම අත්අඩංගුවට ගැනීම සඳහා පදනම් වී ඇත්තේ විද්‍යාත්මක සාක්ෂි ය. දුරකථන විශ්ලේෂණ වාර්තා සහ ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කිරීම් මගින් මෙම කරුණු තහවුරු වී ඇති බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka