හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හෙට දිනයේ අධිකරණයෙන් ඇප ලැබෙන්නේද නොලැබෙන්නේද යන්න සම්බන්ධයෙන් යූ ටියුබ්කරු සුදත්ත තිලකසිරි මහතා තම නාලිකාවේ වීඩියෝවක් මුදා හරියි.
ඔහු එහිදී ආරූඪයක් ශාස්ත්‍ර කියන්නා සේ ‘ඇප ඇප ඇප ඇප’ යැයි හඬගා කියයි.
ඇප ලැබෙන්නේද නොලැබෙන්්නේද යන්ත යන්න එහිදී පැහැදිලිව ප්‍රකාශ නොකරයි.
කලින් වීඩියෝවක ඔහු රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගන්නා බවත් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවටත් සිදු කරන ලද ප්‍රකාශයක් නිසා සමාජයේ මහත් ආන්දෝලනයක් හටගත්තේය.
ඒ හේතුවෙන් ඔහුට එරෙහිව රහස් පොලිසියට පැමිණිල්ලක් ද ගොනු කර තිබේ.