හැකි නම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවත් එම මැතිවරණය පැවැත්වුවහොත් පළාත් සභා බලය විපක්ෂයේ අතට ගෙන ආණ්ඩුවේ පරාජයේ ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
හෙතෙම මේ බව කියා සිටියේ ‘පළාත් සභා යළි පිහිටුවනු – පළාත් සභා ශක්තිමත් කිරීම සඳහා පෙළ ගැසෙමු’ යන තේමාව යටතේ ඊයේ (04දා) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිණි. එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කියා සිටියේය.
අපි විපක්ෂයේ ඒකාබද්ධ වැඩපිළිවෙළක් අරගෙන යනවා අනිවාර්යයෙන්ම මේ පළාත් සභාවල අර 1993 අපි හැදුවා වගේ පළාත් සභා අපේ අතට අපි ගන්නවා. ඒ ගැන අපිට විශ්වාසයක් තියෙනවා. අපිට පුළුවන් වෙයි ඒකාබද්ධව ඒ වැඩ කටයුතු ටික කරන්න. ආණ්ඩුව අපි පරාජයට පත් කරනවා. මේ පළාත් සභා මැතිවරණය තමා ආණ්ඩුවේ පරාජයේ ආරම්භය.
ඒ නිසා පුළුවන් නම් තියන්න පළාත් සභා ටික අපි වයඹ බලා ගන්නම්. ඒකට අපි අවශ්‍ය කරන ශක්තිය දෙන්න සූදානම්. ආණ්ඩුවට පළාත් සභා බලය දෙන්න අපි සූදානම් නෑ. මේ රටේ ජනතාවත් බලය දෙන්න සූදානම් නෑ. අපි අභියෝගයක් කරන්න සූදානම් මේ වෙලාවේ පුලුවන්නම් පළාත් සභා තියන්න. මේ වෙලාවේ මේගොල්ලෝ ඔක්කොම අත්හදා බලමින් යන්නේ.
ජනාධිපති කියනවා වගේ පාර්ලිමේන්තුවත් අත්හදා බලනවා. වැඩ කරන ගමන් ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න ගමන් වැඩ කරනවා. විපක්ෂයේ ඉන්නවා වැඩ කරපු මිනිස්සු.