gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චෙම්මනි සමූහ මිනීවල ගැන සාක්කි දෙන්න රාජපක්ෂ ඉදිරිපත් වෙයි!

යාපනයේ චෙම්මනි සමූහ මිනීවල සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් ආරම්භ කළහොත් සාක්ෂි දීමට තම සැමියා සූදානම් බව ලාන්ස් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂගේ බිරිඳ ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

සමූහ මිනීවළ හා සම්බන්ධ ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතන නඩුව සම්බන්ධයෙන් ද සෝමරත්න රාජපක්ෂ වරදකරු විය.

වීරකේසරී පුවත්පතට වාර්තා කරන පරිදි ලාන්ස් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂගේ බිරිඳ පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවමින් මේ බව පවසා තිබේ.

කපිතාන් ලලිත් හේවගේගේ නියෝග මත 7 වැනි බලසේනා මූලස්ථානයේ දී ඝාතනය කර චෙම්මනි මුරපොළ වෙත රැගෙන ආ ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඇතුළු පවුලේ අයගේ සිරුරු මිහිදන් කිරීම හැර වෙනත් කිසිදු ක්‍රියාවකට තම සැමියා සම්බන්ධ නැති බව ඇය සිය ලිපියෙන් ප්‍රකාශ කරන බව පුවත්පත් වාර්තාවේ දැක්වේ.

සත්‍ය වශයෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ආරක්‍ෂා කරමින් පහළ ශ්‍රේණියේ සෙබළුන්ට පමණක් දඬුවම් පමුණුවන අතරම, පසුගිය පාලනයන් යුද හමුදාවේ වැරදිකරුවන්ට දඬුවම් කළ අය ලෙස අන්තර්ජාතික ප්‍රජාව හමුවේ පෙනීසිටි බව ඇය ප්‍රකාශ කරන බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතනය සම්බන්ධයෙන් මරණ දණ්ඩනයට නියම වූ ලාන්ස් කෝප්‍රල් රාජපක්ෂ එම සිද්ධිය සහ චෙම්මනි සමූහ මිනීවළ සම්බන්ධයෙන් සිය බිරිඳට යම් යම් තොරතුරු හෙළිකර තිබිණි.

එය පදනම් කරගනිමින් ඔහුගේ බිරිඳ වන එස්.සී විජේවික්‍රම ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති හරිනි අමරසූරිය සහ අධිකරණ අමාත්‍ය හර්ෂ නානායක්කාර වෙත ලිපි යොමුකර ඇත.

ඇය මෙම සතියේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ද ලිපියක් යැවීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

1990 දශකයේ අගභාගයේදී රට කම්පනයට පත් කළ ක්‍රිෂාන්ති කුමාරස්වාමි නඩුවට හේතු වූයේ හමුදා සාමාජිකයින් බව පැවසුනු පිරිසක් විසින් පාසල් සිසුවියක් සහ ඇගේ පවුලේ සාමාජිකයන් තිදෙනෙකු පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කිරීමයි.

1998 දී නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, විත්තිකරුට මරණ දඬුවම නියම කළේය.

ඉන් අනතුරුව පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් විත්තිකරුවන්ට පනවා තිබූ වරද සහ දඬුවම් ස්ථිර කරමින් ඔවුන්ගේ අභියාචනය නිෂ්ප්‍රභ කර තිබිණි.
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka