පොහොට්ටුවේ හිටපු මැති ඇමතිලා නාමල්ගේ සහාය පතයි!
හිටපු මැති ඇමැතිවරුන් විස්සකට ආසන්න පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හමුවී විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති බව වාර්තා වේ.
මෙම සාකච්ඡාවේදී දේශපාලනිකව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳව, රටේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවද වාර්තා වේ.
මෙම සාකච්ජාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීවී චානක, රෝහිත අබේගුණවර්ධන, හිටපු මන්ත්‍රීන් වන වෛද්‍ය රමේෂ් පතිරණ, පවිත්‍රා වන්නිආරච්චි, ජානක වක්කුඹුර, අජිත් රාජපක්ෂ, මදුර විතානගේ, ප්‍රේමනාත් සී දොළොවත්ත, ඉන්දික අනුරුද්ධ ඇතුළු හිටපු මන්ත්‍රීවරුන් සහභාගී වී ඇත.
මෙම විශේෂ සාකච්ජාව හිටපු මන්ත්‍රී නීතිඥ මදුර විතානගේගේ නිවසේ පවත්වා ඇති බව වාර්තා වේ.
පොහොට්ටුවේ හිටපු මැති ඇමතිලා නාමල්ගේ සහාය පතයි!
2025-08-05T09:21:00+05:30
Gossip Lanka Hot News





