gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොළඹ අපරාධ කොට්ඨාසය සෙව්වන්දි ගැන නවතම තොරතුරු සොයාගනී!

ගනේමුල්ලේ සංජීව නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් විදේශගත පාතාල සාමාජිකයින් සමග සැලසුම් කර අධිකරණය මඟහැර සිටින බවට චෝදනා ලබන ඉෂාරා සෙව්වන්දී නැමැත්තිය සමග සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයෙකු හඳුනාගෙන තිබේ.

මේ බව ඊයේ (29) කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කරුණු දක්වමින් අනාවරණය කර තිබේ.

මෙම නව සැකකරු, ඉෂාරා සෙව්වන්දීගේ ජංගම දුරකථනයට නිරන්තරයෙන් ඇමතුම් ලබා දී ඇති බවට දුරකථන දත්ත වාර්තා විශ්ලේෂණයේදී අනාවරණය වී ඇතැයි පොලිසිය අධිකරණයට පෙන්වා දුන්නේය.

ඝාතන සිද්ධියට දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන්ට අමතරව, අලුතින් හඳුනාගත් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ද විමර්ශන ඉදිරියට ගෙන යාමට නියෝගයක් නිකුත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම දුරකථන දත්ත ඔස්සේ සැකකරු නිල වශයෙන් හඳුනාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නියෝග ලබා දෙන ලෙසද ඔවුන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

මෙම නව සැකකරුට අදාළ දුරකථන සිම්පත සහ සබඳතා පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ, ඝාතනය සම්බන්ධයෙන් දැනටමත් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් තිදෙනෙකුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස බවද පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබේ.
gossip lanka

under

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka