අද හැම බන්ධනාගාරයක්ම පිරී ඉතිරී යනවා... මේ හොද කාරණයක් නෙමෙයි!
අද වනවිට හැම බන්ධනාගාරයක්ම පිරී ඉතිරී යන බවත් ඒක වෙන්න ඕනේ අනිත් පැත්ත බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,
“අද හැම බන්ධනාගාරයක්ම පිරී ඉතිරී යනවා. ඒක වෙන්න ඕනේ අනිත් පැත්ත. සමහර වෙලාවට අපි ඒක සතුටින් කතා කරන අයත් ඉන්නවා. හැබැයි හොරු, මිනීමරුවන්, මංකොල්ලකරුවන් වැඩි වෙනවා කියන්නේ, සමාජය පිරිහෙනවා කියන කාරණය.
අද හැම බන්ධනාගාරයක්ම හත්සීයක් ඉන්න පුළුවන් තැන තුන්දාහක් ඉන්නවා. දාහක් ඉන්න පුළුවන් තැන හාරදාහක් ඉන්නවා. දෙදාහක් ඉන්න පුළුවන් තැන හයදාහක් ඉන්න තැනට පරිවර්ථනය වෙමින් පවතිනවා.
මේ හොද කාරණයක් නෙමෙයි. එනිසා සමාජය දිහා මීට වඩා වෙනස් විදිහකට, සමාජය අභ්‍යන්තරයේ තිබෙන ගැටලු පිළිබඳව, ආර්ථික ප්‍රශ්න පිළිබඳව මීට වඩා ගැබුරින් අධ්‍යයන කළ යුතු කාලයක් කියලා අපි විශ්වාස කරනවා.”
අද හැම බන්ධනාගාරයක්ම පිරී ඉතිරී යනවා... මේ හොද කාරණයක් නෙමෙයි!
2025-08-30T11:47:00+05:30
Gossip Lanka Hot News






