gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල්ගේ පාරේ යමින් අසීමිත සැප දැමූ තවත් 10කට දැල එලෙයි!

රුපියල් කෝටි ගණනින් මුදල් නාස්ති කරමින් අයථා ආකාරයට විදෙස් සංචාරවල යෙදුනු බව කියන රජයේ ආයතනවල හිටපු ප්‍රධානීන් දස දෙනෙකු සම්බන්ධයෙන්ද විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

මේ පිරිස ඇතුළත පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු මෙන්ම සංස්ථා හිටපු සභාපතිවරුන් සිවු දෙනෙකුද ඇතුළත් වන බවද පැවසෙයි.

පාර්ලිමේන්තුවේ මෙම හිටපු ප්‍රධානියා පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්යාලයෙන් (Foreign Relation and Protocol) මුදල් සීමාවකින් තොරව භාවිතා කර ඇතැයි විගණන විමර්ශනවලදී තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මෙම විගණන විමර්ශනය ආරම්භවී ඇත්තේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ දැනුම් දීමක් අනුවය.

හිටපු ප්‍රධානියා ජාත්‍යන්තර සංවිධාන සංවිධාන කරන වැඩ මුළු වෙනුවෙන් ආරාධනා පත්‍ර තමා මැදිහත් වී ගෙන්වාගෙන මෙලෙස හිතු හිතු පරිදි විදේශ සංචාරවල යෙදී ඇතැයි තොරතුරු හෙළි වී ඇත.

එසේම මෙම ප්‍රධානියා පාර්ලිමේන්තුවේ වාහන අවභාවිතා කර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන්ද විමර්ශන අංශ කරුණු සොයා බලාගෙන යනු ලැබේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka