චන්ඩි බයේ ගැහෙද්දී විශේෂ පොලිස් කණ්ඩායමක් පිටත් වෙයි!
පසුගියදා අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවන් වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන් ඇතුළු පිරිස මෙරටට රැගෙන ඒම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් අද (30) ඉන්දුනීසියාව බලා පිටත්ව යාමට නියමිතව ඇත.
දැනට ඉන්දුනීසියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික පොලිස් විමර්ශන නිලධාරීන් සමග එක්ව ඉන්දුනීසාවේ ආරක්ෂක අංශවල සහාය ඇතිව දැඩි ආරක්ෂාව යටතේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස මෙරටට රැගෙන ඒමට නියමිතය.
ඒ අනුව හෙට (31) දිනයේ පස්වරුවේදී කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන් ඇතුළු අපරාධකරුවන් මෙරටට රැගෙන ඒමට සැලසුම් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මේ අතර කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී පද්මේ, සලින්ත සහ නිලංග යන සැකකරුවන්ට හැඳ සිටි වස්ත්‍රයේම මුත්‍රා පහ වී ඇති බව වාර්තා වේ.
චන්ඩි බයේ ගැහෙද්දී විශේෂ පොලිස් කණ්ඩායමක් පිටත් වෙයි!
2025-08-30T09:18:00+05:30
Gossip Lanka Hot News






