gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෙරටට පිටුවහල් කළ බැකෝ සමන්ගේ බිරිඳ CID භාරයට!

පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් අතර සිටි 'බැකෝ සමන්' නමැත්තාගේ බිරිඳ කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපල ඒකකය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

බරපතළ අපරාධ චෝදනා එල්ල වී නොමැති බැවින් බැකෝ සමන්ගේ බිරිඳ සහ දරුවා ඉන්දුනීසියාවෙන් පිටුවහල් කර ඇති අතර, පසුව ඊයේ (29) පස්වරුවේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට පැමිණි UL -365 දරන ගුවන් යානයෙන් ඔවුන් දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපල ඒකකය මගින් ඔවුන්ව සිය භාරයට ගෙන ප්‍රකාශ ලබාගැනීමෙන් පසු, වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයට භාරදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka