gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත් පස් වැනි වතාවටත් රනිල් බලන්න ගොස් පැමිණ මැද මාවතක් ගැන කියයි… නව සන්ධානයක් ගැන තලතා හෙළි කරයි… එජාප සහ සජබ එක් වූ බවට කාවින්දගෙන් ප්‍රකාශයක්…

ඇප ලැබුණු වහාම සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා රනිල් වික්‍රමසිංහ හමුවිමට ජාතික රෝහලට පැමිණියේය. ඔහු රෝහලේ සිටිනා රනිල් දැකීම පැමිණි පස් වෙනි අවස්තාව මෙයය. අනතුරුව මාධ්‍ය හමුවේ කරුණු දක්වමින් මැද මාවතේ එක්ව ගමන් කිරිමට කිසිම බාධාවක් නොමැති බවය.

ඔහු මෙසේ ද කීවේය.

” මම හැමදාම කියපු දේ තමයි අපේ ගමන අපි ක්‍රියාත්මක කරන්නේ හුදෙක් දේශපාලන ලාභ ප්‍රයෝජන තකා නොවෙයි. ප්‍රතිපත්තිමය කරුණු කරණා මත රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමේ අරමුණින් තමයි එකමුතු භාවයන් ඇති කරගන්නේ. මැද මාවත පිළිගන්න, මානුෂීය ධන වාදයත් ප්‍රජාතන්ත්‍රවාදයත් පිළිගන්න ඒ තුන් වැනි මාවතට ඔය සියලු දෙනාටම අවතීර්ණ වීම අපහසු කාරණාවක් නෙමෙයි.”

“නැවත අපට දකින්න හැකි වෙයිද එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා හැටියට ඔබතුමාව” මාධ්‍ය විමසුවේය.

“මෙතන වැදගත් වෙන්නේ නියෝජ්‍ය නායක ද නායකද ජනාධිපති ද අගමැතිද නෙමෙයි. වැදගත් වෙන්නේ අපේ රටේ දැන් ක්‍රියාත්මක වන මිනීමරු සංස්කෘතිය නතර වෙන්නට ඕන. අපි එකතු වෙනව ද සමූහයක් හැටියට කටයුතු කරනවා ද යන්න තීන්දු වෙන්නේ ප්‍රශ්නවලට උත්තර සපයන්න. ගැටලුවලට විසඳුම් සපයන්න.”

ජනාධිපතිවරයාට ඇප ලබා දීමෙන් අනතුරුව අධිකරණ භූමියෙන් පිට රැස්ව සිටි පිරිස අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු වූ බවත් එම එකතු කිරීමට එක් වූ සියලු දෙනාටම ස්තුතිවන්තවන බවත් පැවසුවේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරල පැවසුවේ දේශපාලන සන්ධානයක් ගොඩනගා අවසන් බවය. මේ වනවිට සන්ධානය හදා අවසන් බවත් පක්ෂ ලේකම්වරු හෙට උදෑසන මේ බව ප්‍රකාශ කරන බවත් තලතා අතුකොරල කීවාය.

ඇය ප්‍රකාශ කළේ නායකත්වයේ කිසිම වෙනසක් සිද්ධ නොවන බවය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka