gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ණය නොගෙවා බැංකුවට සින්න වූ ඉඩමක් වෙන්දේසිය කරද්දී මැර පිරිසක් සමග වෙන්දේසියට කඩා පැන්න දයා ගමගේ බැංකුකරුවන්ට තර්ජනය කර වෙන්දේසිය කඩාකප්පල් කරලා…

ඉඩමක් උකස් කර NDB බැංකුවෙන් රුපියල් මිලියන 225ක ණය මුදලක් ලබා ගෙන එම ණය ගෙවීම පැහැර හැරිය හිටපු ඇමති සහ හිටපු එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ අද (11) උදෑසන මැර පිරිසක් සමග පැමිණ  ණය නොගෙවීම නිසා   සින්න වූ ඉඩම වෙන්දේසි කිරීමට ගිය බැංකුකරුවන්ට බරපතල තර්ජන එල්ල කරමින් ලේඛන උදුරාගෙන යකා නැටූ සිද්ධියක් පිළිබඳව තලාතුඔය පොලීසිය පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

තලාතුඔය පොලිස් වසමේ හාරගම මාලිගාතැන්න ප්‍රදේශයේ පිහිටි අක්කර 20 ක් පමණ   ඉඩම දයා ගමගේ විසින් වර්ෂ 2013 දී NDB බැංකුවට උකස් කර අදාළ මුදල ලබාගෙන තිබේ.

එහෙත් ඔහු අදාල ණය මුදල ගෙවීම දිගින් දිගටම පැහැර හැරීම හේතුවෙන් ඉඩම බැංකුවට සින්න වී ඇත.

සිය බැංකුවට සින්න වූ පසු NDB බැංකුව විසින් එම ඉඩම වෙන්දේසි කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු වන දුෂ්‍යන්ත ධම්මික බණ්ඩාර හේරත් ඇතුළු කණ්ඩායමක් අද (11) පෙරවරුවේ අදාළ ඉඩම වෙත ගොස් වෙන්දේසි කටයුතු ආරම්භ කර තිබේ.

වැඩ කටයුතු ඇරඹි තිබිය දී පෙරවරු 11ට පමණ එම ස්ථානයට පැමිණි දයා ගමගේ ඇතුළු කණ්ඩායමක් මැරයින් ලෙස හැසිරෙමින් නිලධාරීන්ගෙන් වෙන්දේසි ලේඛන උදුරා ගත් බව NDB බැංකුවේ ‍ජ්‍යෙෂ්ඨ කළමණාකාර දුෂ්‍යන්ත ධම්මික බණ්ඩාර හේරත් තලාතුඔය පොලීසියට පැමිණිල්ලක් කරමින් දන්වා තිබේ.

දයා ගමගේ ද තලාතුඔය පොලිසියට පැමිණ පැමිණිල්ලක් සටහන් කරමින් දන්වා ඇත්තේ එම වෙන්දේසිය නීත්‍යානුකූළ නොවන බවය.
-lankasara
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka