ආණ්ඩුව පනතක් මගින් හිටපු ජනාධිපති නිල නිවාස සහ වරප්‍රසාද අහිමි කළහොත් ඔහුට නිවසක් ලබා දීමට මහා සංඝ රත්නය සූදානම් වන බව වාර්තා වෙයි. මේ බව රටේ ප්‍රධාන පෙළේ නායක භික්ෂූන් වහන්සේලා පිරිසක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වෙත දැනුම් දී තිබේ.
රටේ සියලුම භික්ෂු නිකායන් නියෝජනය කරමින් නායක භික්ෂූන් වහන්සේලා පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා හමු වී මෙම ප්‍රතිඥාව ලබා දී තිබේ.
තිස් වසරක් මේ රටේ පැවති ත්‍රස්තවාදය නිමා කළ රාජ්‍ය නායකයාට කෘතගුණ සැලකීම සඳහා තමන් වහන්සේලා මැදිහත් වී භාරකාර අරමුදලක් ගොඩනඟන බව ද එම නායක ස්වාමීන් වහන්සේලා සඳහන් කර ඇත.
-emanisa